ඉන්දුනීසියාවේ සුලවේසි කලාපයට අයත් මිනහාසා ප්‍රදේශයේ රික්ටර් මාපක 6.1ක ප්‍රබලතාවයෙන් යුතු ප්‍රබල භූමිකම්පාවක් සිදුව තිබේ. යුරෝපීය-මධ්‍යධරණී භූකම්පන විද්‍යා මධ්‍යස්ථානය (EMSC) වාර්තා කරන පරිදි, මෙම භූමිකම්පාව කිලෝමීටර 51ක ගැඹුරකින් යුතුව හටගෙන ඇති අතර, මේ වන තෙක් සිදුවූ හානි හෝ ජීවිත හානි පිළිබඳව නිල තොරතුරු වාර්තා වී නැත.
මෙය ඉන්දුනීසියාවෙන් පැය කිහිපයක් ඇතුළත වාර්තා වූ තෙවැනි භූමිකම්පාව වීම විශේෂත්වයකි. මීට පෙර මධ්‍යම දූපත් සමූහය ආසන්නයේ හටගත් රික්ටර් මාපක 7.7ක ප්‍රබල භූමිකම්පාවකින් මියගිය සංඛ්‍යාව 40ක් දක්වා ඉහළ ගොස් ඇති අතර, බටහිර සුමාත්‍රා දූපතේ ද රික්ටර් මාපක 6.9ක භූමිකම්පාවක් වාර්තා විය.














