• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

අතුරු අයවැය ශ්‍රී ලංකාවේ අර්බුදය තාර්කිකව තේරුම් ගත්තා – එස්.බී

31 August 2022
in දේශීය

ඉදිරි මාස 04 සඳහා අතුරු අයවැයක් ඉදිරිපත් කළ මේ අවස්ථාව ශ්‍රී ලංකාවේ අර්බුදය ඉතා නිවැරදිව හා තාර්කිකව තේරුම්ගත් අවස්ථාවක් බව පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බී.දිසානායක මහතා පවසයි.

ඒ මහතා මේ බව පැවසුවේ ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ පක්ෂ මූලස්ථානයේ අද (31) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.

එහිදි පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බී.දිසානායක මහතා, “මේ රජයේ වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා ඉදිරි මාස 04 ට අතුරු අයවැයක් ඉදිරිපත් කරපු අවස්ථාවක්. මේ අතුරු අයවැය වාර්තාව ශ්‍රී ලංකාවේ ප්‍රශ්නය ඉතා නිවැරදිව තාර්කිකව තේරුම් අරන් තිබෙනවා. පසුගිය කාලය පුරාවටම රාජ්‍ය ව්‍යවසාය රැකගැනීමටත්, ශක්තිමත් කිරීමටත් කටයුතු කිරීම, දේශීය විදේශීය පෞද්ගලික ආයෝජකයන් අධෛරියමත් කරන වැඩසටහන් ක්‍රියාත්මක කිරීම, දේශීය සම්පත් විදේශ ආයෝජකයින්ට ලබාදීමට බිය වීම සහ අතිවිශාල අලාභ ලබමින් මේ රටේ අත්‍යවශ්‍ය සේවාවන් අපි විශාල සංඛ්‍යාවක් නඩත්තු කිරීම සිදු විය. මේ කාරණා නිසා අපේ ආර්ථිකය පහළට වැටුනේ. 2009 මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා හැටියට යුද්ධය අවසන් කරන විට එදා අපේ ආර්ථිකය මේ හා සමානව කඩා වැටුණා. නමුත් 2010 – 2015 අතර අපි ආසියාවේ වේගයෙන් සංවර්ධනය වෙච්ච රට බවට පත් වුණා. 2015 යහපාලන රජයට රට භාර දෙන විට අපි 7.1 % ක වැඩෙන ආර්ථික සංවර්ධනයක හිටපු රටක්. හැබැයි යහපාලන ආණ්ඩුව කාලයේ ආර්ථිකය ටිකෙන් ටික කඩා වැටුණා. අපේ ස්වෛරීත්ව බැඳුම්කර ණය 200% න් ඉහළ ගියා. විදේශ ණය ද ඉහළ ගියා. ඒ රජය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාට භාර දෙන කොට මේ රටේ කොවිඩ් වසංගතය ආවා. එය මුළු ලෝකයටම ව්‍යාප්ත වෙච්ච රෝගයක්. නමුත් අපි මේ කොවිඩ් වසංගතය හොඳින් පාලනය කරගත්තා. මේ කොවිඩ් වසංගතය නිසා අපේ රටේ ආර්ථිකය දුෂ්කර තැනට පත් වුණා. මේ ප්‍රශ්නයේදී පවතින අර්බුදය මේ අයවැය තේරුම් ගත්තා වගේම මේ ප්‍රශ්නයට ක්ෂණික විසඳුම් , මැදි කාලීන විසඳුම් සහ දිර්ඝකාලීන විසඳුම් අපට අවශ්‍යයි. මේ සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ සාකච්ඡා කිරීම, මිත්‍ර රටවලින් විශේෂ ආධාර උපකාර ලබා ගැනීම, අපනයන සීමා කිරීම වගේ දේවල් ආරම්භ කරලා තිබෙනවා. අපේ අලුත් බදු ප්‍රතිපත්ති අනුව ඒ බදු ක්‍රියාත්මක කරන්න සැලසුම් කරලා තිබෙනවා.
ලෝකයේ දියුණු වෙච්ච රටවල් පවා විදුලි බිල, ජල බිල භාවිතා කරපු පාරිභෝගිකයාට ගෙවන්න නියම කළා. එහෙම කරලා තමා ඒ රටවල් ගොඩ ආවේ. මේ අයවැය ලේඛනය මේ අර්බුදය හොඳින් ‍තේරුම් ගෙන අඩු ආදායම්ලාභීන්ට සහන ලබාදීම සඳහා මුදල් වෙන් කරලා තිබෙනවා සහ ඔවුන්ගේ දීමනා වැඩි කිරීමේ කටයුතුත් අපි යෝජනා කරලා තිබෙනවා. ඒ වගේම පොහොර සහනාධාරය වැඩි කිරීම සඳහාත් විශේෂ අවධානයක් යොමු කරලා තිබෙනවා. ඒ වගේම අප රටේ අපනයන වැඩි කිරීම ද ආනයන ආදේශන මේ රට තුළ ඇති කිරීම ද අපේ විදේශ ප්‍රේෂණ වැඩිකර ගැනීමට, සංචාරක ව්‍යාපාරය ශක්තිමත් කරගැනීමට අවශ්‍ය කටයුතු කරන්න මේ අයවැයෙන් සැලසුම්, ප්‍රතිපාදන, යෝජනා ඉදිරිපත් කරලා තිබෙනවා. අපේ ශ්‍රී ලංකන් ගුවන් සේවය, විදුලි බල මණ්ඩලය, තෙල් සංස්ථාව වාගේ දේවල්වලට විදේශ ආයෝජකයන් ගෙන්වා ගැනීම, ඔවුන්ට අවශ්‍ය සියලු පහසුකම් දෙමින් ඔවුන් රැකගැනීම, මේ ආයතන අලාභ නොවන ආයතන බවට පත්කර ගැනීම අත්‍යවශ්‍යයි. අද ලෝකයේ සමාජවාදය, කොමිනියුස්ට්වාදීන් පෞද්ගලික ව්‍යවසායකයින්, විදේශ ආයෝජන භාර ගනිමින් ඒ රටවල් නැගි සිටිනවා. වියට්නාමය, චිනය ප්‍රබල උදාහරණයකි. ඒ නිසා අපි විදේශ ආයෝජකයින්ට බය වෙන්න හොඳ නෑ. මේ අයෝජකයෝ අපිට අවශ්‍යයි. අයෝජකයෝ නැතිව අපිට රට ගොඩ ගන්න බෑ. ඒ නිසා අපි මේ අයෝජකයින් ගෙන්වා ගනිමින් අපේ අලාභ ලබන රාජ්‍ය ව්‍යවසායන් ශක්තිමත් කරමින් මේ ආර්ථිකය ප්‍රතිසංස්කරණය කර ගන්නවා. ලෝකයේ ඉතිහාසයේ ලැබෙන වැඩිම තේ මිල මේ දවස්වල අපේ ලංකාවට ලැබෙනවා. එය අපිට භාග්‍යයක්. සංචාරක ව්‍යපාරය නැගිටින්න පටන් අරගෙන තිබෙනවා. වරාය නගරය අවදි වෙලා නැවත ආයෝජකයෝ එන්න පටන් අරගෙන තිබෙනවා.ඒ නිසා අපේ අනාගතය එතරම් අවාසිදායක නෑ. අපිට 2023 පහු වන විට මේ රටේ ණය සිමාව පහළට ගේන්න පුළුවන් වෙයි. ඒ සඳහා එඩිතර තීන්දු තිරණ ගත්ත අතුරු අයවැය ලේඛනයක් හැටියට සඳහන් කරන්න කැමති.”යැයි මන්ත්‍රී එස්.බී.දිසානායක මහතා වැඩිදුරටත් කියා සිටියේය.

Post Views: 3
Previous Post

නෙළුම් කුළුණේ මෙහෙයුම් එළැඹෙන 15 වනදා ඇරඹෙයි

Next Post

මර්දනීය උපක්‍රමය නිවටයින්ගේ බියගුළු ක්‍රියාවක් – ජවිපෙ ටිල්වින්

editor

editor

Next Post

මර්දනීය උපක්‍රමය නිවටයින්ගේ බියගුළු ක්‍රියාවක් - ජවිපෙ ටිල්වින්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved