ඇමෙරිකාවේ ටෙක්සාස් ප්‍රාන්තයේ සිට පැමිණි මෙම කණ්ඩායම සමඟ ආලෝක ද සාමාන්‍ය ගුවන් මගියෙකු ලෙස මෙරටට පැමිණ සිටීම විශේෂත්වයකි. මෙම සාම පා ගමනට සමගාමීව පැවැත්වෙන “අසදිස පූජාව” අද පස්වරු 3.00 ට අනුරාධපුර රුවන්වැලි මහා සෑ පුදබිමේදී ආරම්භ වීමට නියමිතය. ලබන 23 වනදා දඹුල්ලෙන් ආරම්භ වන පා ගමනට තායිලන්තයේ රතන සා හිමියන් ඇතුළු දොළොස් නමකගෙන් සමන්විත සංඝ රත්නය සහභාගී වන අතර ඉන් කිහිප නමක් පසුගිය සිකුරාදාම මෙරටට වැඩම කර තිබේ.
අද උදෑසන මෙරටට පැමිණි මහා සංඝරත්නය මුලින්ම අත්තනගල්ල රජමහා විහාරස්ථානයට පැමිණෙන අතර එහිදී විශේෂ මාධ්‍ය හමුවක් පැවැත්වීමට නියමිතය. ඉන් අනතුරුව භික්ෂු පඤ්ඤාකර හිමියන් ඇතුළු පිරිස ආලෝක සමඟ ඓතිහාසික ජය ශ්‍රී මහා බෝ සමිඳුන් වන්දනා කිරීම සඳහා අනුරාධපුරයට වැඩම කිරීමට සැලසුම් කර ඇත. මෙම සාම පා ගමන අප්‍රේල් 28 වනදා දක්වා දිවයිනේ ප්‍රදේශ කිහිපයක් ආවරණය කරමින් පැවැත්වේ.














