මැදපෙරදිග කලාපයේ ඉරානය විසින් අඛණ්ඩව එල්ල කරනු ලබන ප්‍රහාර හමුවේ, අමෙරිකානු හමුදාවේ මෙහෙයුම් ශක්‍යතාව සහ ගුවන් ආරක්ෂණ මිසයිල තොග සීඝ්රයෙන් අවසන් වෙමින් දැවැන්ත බිඳවැටීමකට ලක්ව ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා අනාවරණය කරයි.
ඉරානයේ බැලස්ටික් මිසයිල සහ ඩ්‍රෝන ප්‍රහාර හේතුවෙන් කලාපයේ පිහිටි අමෙරිකානු කඳවුරු මෙන්ම යුද නෞකා රැසකට බරපතළ හානි සිදුව ඇති අතර, පෙන්ටගනයේ ආරක්ෂක අයවැයට සහ සැපයුම් දාමයට දැඩි පීඩනයක් එල්ල වෙමින් වොෂින්ටනයේ යුද සූදානම පිළිබඳ බරපතළ ප්‍රශ්නාර්ථයක් මතුව තිබේ.
මෙම තත්ත්වය හමුවේ ඉදිරියේදී මැදපෙරදිග කලාපීය ප්‍රතිපත්ති සහ හමුදා ක්‍රියාමාර්ග වෙනස් කිරීමට ට්‍රම්ප් පරිපාලනයට බලපෑම් එල්ල වී ඇති අතර, ගෝලීය බලපෑම අතින් තීරණාත්මක මෙම අර්බුදය ඉදිරි දේශපාලන සහ ආරක්ෂක සමතුලිතතාවට දැඩි ලෙස බලපානු ඇත.














