පර්සියානු බොක්කේ පිහිටි තෙල් හා ගෑස් නිධි වෙනත් ස්ථානයකට ගෙන යා නොහැකි බැවින් හෝර්මූස් සමුද්‍ර සන්ධියේ වැදගත්කම කිසිදා අහිමි නොවන බව ඉරාන ජෙනරාල් මොහොමඩ් රෙසා නක්ඩි ප්‍රකාශ කර තිබේ.
නල මාර්ග ඉදිකිරීමට විශාල කාලයක් හා මුදල් වැය වන අතර ඒවාද ප්‍රහාරවලට ලක්විය හැකි බවත්, ගෑස් සඳහා තවත් සංකීර්ණ යටිතල පහසුකම් අවශ්‍ය වන බවත් ඔහු වැඩිදුරටත් පෙන්වා දී ඇත. සාමාන්‍යයෙන් ලෝකයේ තෙල් සැපයුමෙන් පහෙන් එකක් පමණ මෙම පටු සමුද්‍ර සන්ධිය හරහා ගමන් කරන නමුත්, පවතින ගැටුම් හේතුවෙන් දැනටමත් එහි නාවික ගමනාගමනය දැඩි ලෙස පහත වැටී ඇති අතර දෙපාර්ශ්වයම එම ප්‍රදේශයේ පාලනය තමන් සතුව ඇති බවට අඛණ්ඩව ප්‍රකාශ කරමින් සිටී. කලාපයේ බලශක්ති ආධිපත්‍යය ඉදිරියටත් කිසිදු වෙනසක් නොමැතිව පවතින බව නක්ඩිගේ ප්‍රධාන පණිවිඩය වී ඇත.
තොරතුරු උපුටා ගැනීම: Mario nawfal(x) ඇසුරින්
















