මැදපෙරදිග කලාපයේ උද්ගතව ඇති නොසන්සුන්කාරී වාතාවරණය තවදුරටත් උග්‍ර අතට අමෙරිකාව හෝ ඊශ්‍රායලය විසින් ඉරානයට එරෙහිව යම් කිසි ප්‍රහාරයක් එල්ල කළහොත් පවතින යුද ගැටුම් ඉන්දියානු සාගරය සහ ඉන් ඔබ්බට පුළුල් කිරීමට කටයුතු කරන බවට ඉරාන උත්තරීතර නායකයාගේ ජ්‍යෙෂ්ඨ උපදේශක මේජර් ජෙනරාල් යාහ්යා රහීම් සෆාවි දැඩි අනතුරු ඇඟවීමක් කර තිබේ. මේ වන විට පර්සියානු බොක්ක සහ හෝමුස් සමුද්‍ර සන්ධිය අභිබවා රතු මුහුද දක්වා ව්‍යාප්ත වී ඇති මෙම ගැටුම්, ඉදිරියේදී ජාත්‍යන්තර සමුද්‍රීය මාර්ග සහ කලාපීය ආරක්ෂාව දැඩි ලෙස අර්බුදයට ලක් කරමින් තවත් පුළුල් භූගෝලීය වපසරියකට ගමන් කළ හැකි බවට එරට හමුදා නායකත්වය පෙන්වා දෙයි.
මෙම තත්ත්වය හමුවේ ඉරාන සන්නද්ධ හබ කණ්ඩායම් සහ නාවික බලකායන් සියලුම නරකම යුද තත්ත්වයන්ට මුහුණ දීම සඳහා පූර්ණ සූදානමින් සිටින අතර, අමෙරිකානු නාවික ක්‍රියාකාරකම් සහ කලාපීය යුද මුහුදු සීමාවන් තම රටේ රේඩාර් පද්ධති හරහා නිරන්තර නිරීක්ෂණයට ලක් කරමින් පවතින බවද හෙළි කර ඇත. විශේෂයෙන්ම ගෝලීය බලශක්ති සැපයුම සහ වෙළඳ නාවික ගමනාගමනය තීරණාත්මක ලෙස රඳා පවතින සමුද්‍රීය සන්ධි ආශ්‍රිතව නව යුද පෙරමුණු විවෘත වීම, ලෝක ආර්ථිකයට සහ බොරතෙල් වෙළඳපොළට සෘජුවම බලපාන දැවැන්ත අර්බුදයක් බවට පත්ව තිබේ.
ඉදිරි කාලය තුළ මෙම රාජ්‍යයන් අතර පවතින උපායමාර්ගික ආතතිය ක්‍රමයෙන් වර්ධනය වුවහොත්, එය ආසියානු කලාපය මෙන්ම ඉන්දියන් සාගර ආශ්‍රිත රටවල සාගර ආරක්ෂාවට සහ වෙළඳ නාවික කටයුතුවලට දැඩි ලෙස බලපෑම් එල්ල කළ හැකි බැවින්, ජාත්‍යන්තර ප්‍රජාව මේ වන විට කලාපීය යුද ව්‍යාප්තිය පිළිබඳව දැඩි අවධානයකින් යුතුව පසුවේ.














