ඇමෙරිකා එක්සත් ජනපදය විසින් ඉදිරිපත් කරන ලද නවතම යෝජනාව සම්බන්ධයෙන් ඉරානය මෙතෙක් නිල ප්‍රතිචාරයක් දක්වා නොමැති බව ඉරාන විදේශ අමාත්‍යාංශය පවසයි. කෙසේ වෙතත්, පාකිස්තානය මැදිහත්කරුවෙකු ලෙස යොදාගනිමින් දෙපාර්ශවය අතර රාජ්‍ය තාන්ත්‍රික පණිවිඩ හුවමාරු කර ගැනීම අඛණ්ඩව සිදුවන බව වාර්තා වේ.
ඉරාන මාධ්‍ය වාර්තාවලට අනුව, හුවමාරු වන මෙම පණිවිඩ සහ යෝජනා පිළිබඳව මේ වන විට සවිස්තරාත්මක සමාලෝචනයක් සිදු කෙරෙමින් පවතී. කලාපීය ආරක්ෂාව සහ ද්විපාර්ශ්වික සබඳතා සම්බන්ධයෙන් ඇමෙරිකාව පීඩනය එල්ල කරන පසුබිමක මෙම රාජ්‍ය තාන්ත්‍රික සාකච්ඡා වැදගත් කොට සැලකේ.














