වත්මන් ආණ්ඩුවේ දුර්වල රාජ්‍ය තාන්ත්‍රික ක්‍රියාකලාපය හමුවේ රට දැඩි ජාත්‍යන්තර අර්බුදයකට ලක්ව ඇති බව පෙන්වා දෙන හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමනාත් සී. දොලවත්ත මහතා, මෙරට මුහුදු සීමාව ආශ්‍රිතව ඉරාන නෞකා විශාල ප්‍රමාණයක් රඳවාගෙන සිටින්නේ කුමන හේතුවක් නිසාදැයි බරපතළ ලෙස ප්‍රශ්න කර සිටියි. කොළඹදී පැවති මාධ්‍ය හමුවක් අමතමින් ඒ මහතා පෙන්වා දුන්නේ මීට පෙරද මෙරට මුහුදු සීමාව තුළදී ඉරාන නෞකාවක් ගිනිගෙන මුහුදුබත් වීමේ අමිහිරි අත්දැකීම් රට හමුවේ පවතින පසුබිමක, මෙවැනි සංකීර්ණ ජාත්‍යන්තර ගැටලු හමුවේ ආණ්ඩුව අනුගමනය කරන නිහඬ ප්‍රතිපත්තිය ජාතික ආරක්ෂාවට තර්ජනයක් බවයි.
එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය වැනි ඉහළ පෙළේ ජාත්‍යන්තර සමුළු මඟහරිමින් ජනාධිපතිවරයා ප්‍රාදේශීය දේශපාලන රැස්වීම්වල කාලය ගතකිරීම ආණ්ඩුවේ විදේශ ප්‍රතිපත්තියේ බරපතළ බිඳවැටීමක් මනාව පෙන්නුම් කරන බව හිටපු මන්ත්‍රීවරයා වැඩිදුරටත් කියා සිටියේය. භාෂා දැනුම ගැටලුවක් නම් ප්‍රවීණ භාෂා පරිවර්තකයන් සිටියදී ජනාධිපතිවරයා ජාත්‍යන්තර මට්ටමේ වගකීම් පැහැර හැරීම විදේශ අමාත්‍යාංශයේ සහ සමස්ත ආණ්ඩුවේ රාජ්‍ය තාන්ත්‍රික දුර්වලතාවක් බවද ඔහු අවධාරණය කළේය. එපමණක් නොව, ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කරන බවට විපක්ෂයේ සිටියදී පොරොන්දු වූ පිරිස, අද ඊටත් වඩා මර්දනකාරී නව පනතක් ගෙන එමින් හමුදාවට පොලිස් බලතල පැවරීමට සූදානම් වීම හරහා ජනතාව මර්දනය කර බලය තහවුරු කරගැනීමට උත්සාහ කරන බවටද ඔහු දැඩි චෝදනා එල්ල කළේය.
මෙවැනි සංකීර්ණ භූ-දේශපාලනික උගුල් සහ ජාත්‍යන්තර බලපෑම් හමුවේ රටක් ලෙස නිසි රාජ්‍ය තාන්ත්‍රික මැදිහත්වීම් සිදු නොකළහොත්, ඉදිරියේදී මෙරට ස්වෛරීභාවයට සහ ආර්ථිකයට දැඩි බලපෑම් එල්ල විය හැකි බවට දේශපාලන හා ජාත්‍යන්තර විශ්ලේෂකයෝ අනතුරු අඟවති. එබැවින්, මුහුදු සීමාව ආශ්‍රිතව මතුව ඇති මෙම නෞකා ගැටළුව සම්බන්ධයෙන් රජය වහාම විනිවිදභාවයෙන් යුතුව ජාතාවට කරුණු පැහැදිලි කළ යුතු අතර, ජාත්‍යන්තර ප්‍රජාව සමඟ කටයුතු කිරීමේදී වඩාත් පරිණත හා වගකීමෙන් යුත් පිළිවෙතකට පිවිසීම මෙරට අනාගතය වෙනුවෙන් අත්‍යවශ්‍ය වන බව පෙනී යයි.














