27 April 2024
#දේශීය

මාර්ග නීතී පිළිපැදීමේ ළමා අවධියේදීම දරුවන්ගේ මනස තුල රෝපණය කිරීම ඉතා වැදගත් – මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර ලලිත් 

මාර්ග නීතී පිළිපැදීමේ වැදගත්කම ළමා අවධියේදීම දරුවන්ගේ මනස තුල රෝපණය කිරීම ඉතා වැදගත් බව මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර නීතීඥ ලලිත් යු ගමගේ මහතා පවසයි.

ඒ මහතා මේ බව ප්‍රකාශ කර සිටියේ මධ්‍යම පළාත් ප්‍රවාහන දෙපාර්තමේන්තුව මගින් සංවිධානය කළ පාසල් දරුවන් සදහා වු සිතුවම් තරගාවලියේ සහතිකපත් ප්‍රධානෝත්සවයේ ප්‍රධාන ආරාධිතයා ලෙස පසුගිය 26 වනදා එක් වෙමිනි.

පළාත් ප්‍රවාහන අමාත්‍යාංශ පරිශ්‍රයේදී පැවති මෙම වැඩසටහනේදී තරගාවලිය සදහා සහභාගී වු සිසුන් විසින් නිර්මාණය කළ විචිත්‍රවත් සිතුවම් ප්‍රදර්ශනයක් ලෙස නිරූපණය කර තිබු අතර, තරගාවලියේ ප්‍රථම ස්ථානය මාතලේ සිරිමාවෝ බණ්ඩාරනායක ජාතික පාසලේ ඉගෙනුම ලබන බී. විජේකෝන් දරුවාත්, කණිෂ්ඨ අංශයේ ප්‍රථම ස්ථානය මාතලේ සුජාතා බාලිකා විද්‍යාලයේ ඉගෙනුම ලබන එස්.පී සෝමතිලක දරුවාත්, ජ්‍යෙෂ්ඨ අංශයේ ප්‍රථම ස්ථානය තෙල්දෙණිය ගම්ඉම බණ්ඩාරනායක පාසලේ ඉගෙනුම ලබන බී.යූ සමරසිංහ දරුවාත් හිමිකරගෙන තිබු අතර, මෙම වැඩසටහනට සමගාමීව පාසල් සදහා මාර්ග නීති ඉගෙනුම් ආධාරක (flex)මෙහිදී බෙදා දීම සිදුවිය.

මෙහිදි වැඩිදුරටත් අදහස් දක්වමින් පළාත් ආණ්ඩුකාරවරයා සදහන් කර සිටියේ, මහමඟ අනතුරු වලින් වසරකට ශ්‍රී ලංකාව තුල 3000කට අධික පිරිසක් මිය යනබවත් මාර්ග නීති පිලිබද නොසැලකීම සහ සංයමයකින් තොරව කටයුතු කිරීම බවත් මෙවන් ව්‍යාපෘති කාලීනව ඉතා වැදගත් බවත්ය.

මෙම අවස්ථාව සදහා පළාත් ප්‍රධාන ලේකම් ගාමිණි රාජරත්න, පළාත් ආණ්ඩුකාර ලේකම් ඇන්ටන් තිලකරත්න, පළාත් මාර්ග අමාත්‍යාංශ ලේකම් මධුපානි පියසේන, පළාත් මාර්ග සංවර්ධන අධිකාරියේ සභාපති අළුත්ගමගේ වීරසිංහ, පළාත් ප්‍රවාහන කොමසාරිස් පාරමි තෙන්නකෝන් යන මහත්ම මහත්මීන් ඇතුලු පිරිසක් ද එක් ව සිටියේය.

 

මහේෂ් කිර්තිරත්න මාතලේ

Leave a comment

Your email address will not be published. Required fields are marked *