යුක්රේනය සහ ඉරාන-ගල්ෆ් කලාපය ආශ්‍රිතව පවතින උණුසුම් හමුදාමය තත්ත්වය හේතුවෙන් ඉදිරි මාස කිහිපය තුළ දැවැන්ත ගෝලීය ආහාර අර්බුදයක් සහ දැඩි පොහොර හිඟයක් මතුවීමේ අවදානමක් පවතින බව ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය එස්. ජයිශංකර් අනතුරු අඟවා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
එම කලාපවල පවතින හමුදාමය ආතතිය ගෝලීය ආහාර සැපයුම් සහ පොහොර ලබාගැනීම කෙරෙහි සෘජුවම බලපෑම් ඇති කළ හැකි බව ඔහු පෙන්වා දී තිබේ. ඒ අනුව ඉදිරි මාසවලදී ලෝකය මෙවැනි අභියෝගකාරී තත්ත්වයකට මුහුණදීමේ ඉඩකඩ ඇති බව අමාත්‍යවරයා වැඩිදුරටත් අවධාරණය කර ඇත.
















