ඇමරිකානු දේශපාලන ලෝකයම උඩුයටිකුරු කරමින් අතිශය සංවේදී තොරතුරක් අන්තර්ජාලයට කාන්දු වීමේ පුවතක් මේ වන විට මුළු ලෝකයේම අවධානය දිනාගෙන තිබෙනවා. ඇමරිකානු උපජනාධිපති ජේ.ඩී. වැන්ස්ගේ (JD Vance) පුද්ගලික ගමන් බිමන් පිළිබඳ රහස් තොරතුරු මාධ්‍ය වෙත ලබා දුන් බවට චෝදනා ලැබූ නිලධාරියෙකුගේ වැඩ තහනම් කිරීමටයි පියවර ගෙන ඇත්තේ.
උපජනාධිපතිවරයා ඇතුළු පවුලේ අයගේ හදිසි ගමන් බිමන් සහ ඉල්ලීම් නිසා තමන් දැඩි අපහසුතාවයට පත්ව ඇති බවට මෙම රහස් නිලධාරියා විසින් අදහස් දක්වා ඇති බව සඳහන්. පැයට ඩොලර් 16,000කට වඩා වැයවන ‘Marine Two’ හෙලිකොප්ටරය යොදාගනිමින් උපජනාධිපතිවරයාගේ කුඩා පුතණුවන්ව ගොල්ෆ් පංතියකට ගෙන යාමට කළ ඉල්ලීමක් ද ඇතුළුව තවත් නිවසක් සෙවීමේ ගමන් බිමන් පිළිබඳ තොරතුරු මෙසේ එළියට පැමිණ තිබෙනවා.
නමුත් මේ වන විට අදාළ නිලධාරියාට එරෙහිව අභ්‍යන්තර පරීක්ෂණයක් ආරම්භ කර ඇති අතර, ඔහුට පරිපාලනමය දඬුවමක් හෝ අපරාධ චෝදනා එල්ල වේද යන්න පිළිබඳව තවමත් පැහැදිලි නැහැ. අනුමැතියකින් තොරව මාධ්‍ය වෙත තොරතුරු ලබාදෙන පුද්ගලයින්ට එරෙහිව නීතිය තදින්ම ක්‍රියාත්මක කරන බවට ට්‍රම්ප් පරිපාලනය ද දැඩි තීරණයක සිටිනවා.
මෙම සිදුවීමත් සමඟම මහජනතාව සහ සමාජ මාධ්‍ය පරිශීලකයින් අතර දැඩි උණුසුම් කතාබහක් නිර්මාණය වී තිබෙනවා. රජයේ මුදල් අවභාවිත කිරීම ගැන ඇතැම් පිරිස් ප්‍රශ්න කරද්දී, උපජනාධිපතිවරයාගේ ප්‍රකාශකයෙකු සඳහන් කළේ තම පවුලේ ආරක්ෂාව වෙනුවෙන් කැපවෙන නිලධාරීන්ට ස්තූතිවන්ත වන බවයි.
අනෙක් පසින් මෙම පුවත හෙළිදරව් කළ මාධ්‍යවේදීන්ට පවා ෆෙඩරල් අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස සන් කැඳවීම් නිකුත් කරමින් රාජ්‍ය තොරතුරු ආරක්ෂා කිරීමට බලධාරීන් දැඩි උත්සාහයක නිරත වෙනවා.
අනාගතයේදී මෙම රහස් තොරතුරු කාන්දු වීමේ සිද්ධිය කෙළවර වන්නේ කෙසේද සහ උපජනාධිපති වැන්ස්ගේ ආරක්ෂක වටපිටාවට කුමක් සිදුවේද? ඔබේ අදහසත් අපට කියන්න.














