• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home විශේෂාංග

මහා සංඝරත්නයට හා ආර්ථික අපහසුතා ඇති අයට සම්පූර්ණයෙන්ම නොමිලේ ප්‍රතිකාර කරන ජීවකයාණෝ

7 December 2023
in විශේෂාංග
0
SHARES
2
VIEWS
Share on FacebookShare on Twitter

අපේ පාරම්පරික වෙදකම පරම්පරාවෙන් පරම්පරාවට පැවත එන වෙදකමක්.මේ වෙදකම අද වන විට සමහර වෙදැදුරන්ගේ අදූරදර්ශි ක්‍රියාවන් හේතුවෙන් අභාවයට හා පරිහාණියට පත් වී තිබේ.

පුරාණයේ හෙළ වෙදකම ඇසුරින් ගැමියා බොහෝ රෝගාබාධ සුව කර ගන්නා ලදී.නමුත් විවෘත ආර්ථිකය හරහා අපේ දේශීයත්වය මහා පරිමාණයෙන් විනාශ මුඛය කරා ගොස් ඇත.

අද අපි කතා කරන්නට යන්නේ විනාශ වී යන හෙළවෙදකම රැකගන්නවා සේම ප්‍රතිකාර වලට මුදල් අය නොකර මහා සංඝරත්නයට හා ආර්ථික අපහසුතා ඇති අයට ප්‍රතිකාර කරනු ලබන ජීවකයාණෝ කෙනෙක් පිළිබඳවයි.ඔහු නමින් ඩී.එම්.පී.සංජීව දිසානායක වෙදමහතායි.ඔහුගේ ස්ථීර පදිංචිය එප්පාවල මැඩියාව ප්‍රදේශයේයි.මානෑව රවිශෛලාස වෙද පරපුරේ සහ කාසිකොට් වෙද පරම්පරාවේ වත්මන් පුරුක ඔහුයි.ඔහු තවමත් තරුණ වියේ සිටින වෙදමහතෙකි.අද මුදල මූලික කර ගත් සමාජයට ඔහු යහපත් ආදර්ශයක් ලබා දීමේ අරමුණින් මෙම කටයුත්ත ආරම්භ කර තිබේ.

මීට මාස 06කට පමණ පෙර ඔහු තලාව තුරුලිය සෙවණ ප්‍රදේශයේ ඉතා කුඩා වෙද මැදුරක් ආරම්භ කර ඇති අතර ඔහු එහිදී සම්පූර්ණයෙන්ම නොමිලේ ප්‍රතිකාර කර ඇත.පැමිණි බොහෝ පිරිසක් ඉතා ඉක්මණින් සුව වී ඇත්තේ ඔහුගේ ඇති අත්ගුණය නිසාය.මෙනිසාම දිනකට ඔහුගෙන් ප්‍රතිකාර ගැනීම සඳහා 70ත් 80ත් අතර ප්‍රමාණයක් අද වන විට පැමිණේ.

ඒ් පැමිණෙන සියළු දෙනාටම ඔහු ඉතා සිනාමුසු මුහුණින් පිළිගෙන බොහෝම කරුණාවෙන් රෝගියාගේ විස්තර සොයා බලා ඔහුට නියමිත ප්‍රතිකාර නිසි ලෙස ලබාදීමට මෙම වෙදමහතා කටයුතු කරනු ලබයි.

සංජීව වෙදමහතා සාමාන්‍යයෙන් අනෙක් වෙද මැදුරු වල අය කරනු ලබන මුදලට වඩා ඉතාම අඩු මෙන්ම සාමාන්‍ය කෙනෙකුට දැරිය හැකි මිළක් අය කරනු ලබයි.එයද ඔහු අය කරනු ලබන්නේ අද වන විට බෙහෙත් අමුද්‍රව්‍ය වල පවතින මිළ ගණන් වලට අවශ්‍ය වියදම හා සිය කාර්ය මණ්ඩලය නඩත්තු කිරීම සඳහායි.

උදෑසන 8 සිට රාත්‍රී 10 තෙක් අනුරාධපුර පමණක් නොව කොළඹ ගාල්ල මාතර දිස්ත්‍රික්ක වලින් පවා පැමිණ මෙම වෙදමහතාගේ සේවය අපේක්ෂාවෙන් සිටින රෝගීන් එහි ගිය අපට දැක ගැනීමට ලැබිණි.

වෙද මහතා මේ අතර පැමිණෙන මහා සංඝරත්නයට කිසි ලෙසකින්වත් පෝලිමකවත් රස්තියාදු නොකර කොපමණ වියදම් ගිය ද සිය ප්‍රතිකාර ලබා දෙනු ලබන්නේ සම්පූර්ණයෙන්ම නොමිලේය.ඒසේම ඒම ස්වාමීන් වහන්සේලාට මෙහෙණින් වහන්සේලාට අවශ්‍ය කරනු ලබන දාන වේල ගිලන්පස ඇතුලු සියලු සංග්‍රහයන් ද සිය වියදමින්ම සිදු කරනු ලබයි.

ඔහු සිය හඩ අවදිකරමින් මේ පිළිබඳ අප සමඟ මෙසේ පැවසීය ” මං කාලයක ඉඳන් මේ රටේ මිනිස්සු හැසිරෙන විදිහ දැක්කා.මිනිස්සු සල්ලි ලැබෙන්න ලැබෙන්න සල්ලි පස්සේ තමයි යන්නේ.මට මුදල් පස්සේ යන්න නෙවේ ඔින.මං මේ වෙදකම කරන්නේ මුදල් හොයන පරමාර්ථයෙන් නෙවේ.මිනිස්සුන්ට සේවයක් කරන පරමාර්ථයෙන්.මං ළඟ හය දෙනෙක් දැනට සේවකයෝ ඉන්නවා.මං මේ වැඩේ පටන් අරන් මාස 06ක් වගේ.ම‌ගේ ළඟට එන කිසිම රෝගියෙකුට මං හිත රිදෙන්න කතා කරලා නෑ.සල්ලි දුන්නා නැතා කියලා මං ප්‍රතිකාර නොකර ඉඳලා නෑ.මුලින්ම මං සම්පූර්ණයෙන්ම නොමිලේ තමයි කරේ.ඒ්ත් දැන් බෙහෙත් අමුද්‍රව්‍ය වල මිළ ඉහළයි.මට ඒ්ක තනියම දරන්න බෑ.ඒ් නිසා ඒ් අමුද්‍රව්‍ය වළ මිළ විතරක් අය කරලා තමයි මං මේ කටයුත්ත කරන්නේ.ඒ් නිසා මට ගොඩාක් අපහසුවෙන් මේ මුදල් අය කරන කටයුත්ත කරන්න සිදුවුණා.ඒ්ත් මං ළඟට එන රෝගීන් අපහසුතාවයට පත් කරන්න උත්සාහ කරන්නේ නෑ.මොකද මං ජීවත් වෙන්නේ රජරට පළාතේ.මේ පළාතේ ඉන්නේ රටට බත සපයන අහිංසක ගොවියෝ.ගොවියා කියන්නේ රජෙක්.ඒ් නිසා ඒ් අයට දෙන්න ඔින උපරිම ආත්ම ගරුත්වය දීලා තමයි මං මේ කටයුත්ත කරන්නේ.ඒ් නිසා මේ කාලේ කාටත් ආර්ථිකය අමාරුයි.
මං සල්ලිකාරයෙක් නෙවේ.කෙනෙක් රෝගයකින් පීඩා විඳිනවට වඩා ඒ් කෙනා රෝගයකින් ගලව ගන්න ඒකම මහා ලොකු පිනක්.මං ඒ් පින ගැන දන්න නිසා මං පෞද්ගලකිව ඒ් ගානත් දරාගෙන මං ආර්ථික අපහසුතා තියන රෝගීන් ආවාම ඒ් අයට කියන්නේ මුදල ගැන නොහිතා දිගටම ප්‍රතිකාර ගන්න සුව වෙන්න.සමහර අය තියෙන දවසක ගෙනැත් දෙනවා.තවත් සමහරු ඒහෙම දෙන්න තරම් වත්කමක් නැති නිසා නොදීම යනවා.
මං ඒ් ගැන ලොකුවට හිතන්නේ නෑ.මගේ පරම යුතුකම මිනිසාට සේවය කිරීමයි.මං ඒ් නිසා ඒ් දේ කරනවා බෙහොම ආසාවෙන් යැයි සංජීව වෙදමහතා අප සමඟ පැවසීය.

සම්බුද්ධ ශාසනයේ චිරස්ථිතිය මෙන්ම රටට බත සපයන ගොවියාගේ දෑත් ශක්තිමත් කිරීමට ඔහු වැනි ජීවකයින් අවශ්‍යම යුගයක මෙවැනි පරමාදර්ශී චරිත සිටීම අපේ සිතට අස්වැසිල්ලට කාරණයකි.

ඔහුව සම්බන්ධ කර ගැනීමට 0777923617 හෝ 0777 800062 යන දුරකථන අංක ඇමතීමෙන් සම්බන්ධ කර ගැනීමට හැකිය.

 

 

තිසර සමල් සෝමරත්න අනුරාධපුර දිස්ත්‍රික්කය

Post Views: 35
Previous Post

තම්මැන්නාගල පුරාණ රජමහා විහාරයේ චෛත්‍යරාජයාණන් වහන්සේගේ පලමු ආලෝක පුජාව මන්ත්‍රී දුමින්දගේ  ප්‍රධානත්වයෙන්

Next Post

ජනපති රනිල්ට නිදහස් පක්ෂයේ සහයෝගය ලබා දෙනවා – මන්ත්‍රී දුමින්ද

editor

editor

Next Post

ජනපති රනිල්ට නිදහස් පක්ෂයේ සහයෝගය ලබා දෙනවා - මන්ත්‍රී දුමින්ද

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

30 April 2025
ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

20 February 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
තාත්තටයි පුතාටයි ඇප

තාත්තටයි පුතාටයි ඇප

3 June 2025
පොදු ප්‍රවාහනයට අලුත් වැඩක්

පොදු ප්‍රවාහනයට අලුත් වැඩක්

3 June 2025
COVID -19 වෛරසයේ වර්තමාන තත්ත්වය

COVID -19 වෛරසයේ වර්තමාන තත්ත්වය

3 June 2025
සිසිලිය එට්නා රත්කරයි

සිසිලිය එට්නා රත්කරයි

3 June 2025

Recent News

තාත්තටයි පුතාටයි ඇප

තාත්තටයි පුතාටයි ඇප

3 June 2025
පොදු ප්‍රවාහනයට අලුත් වැඩක්

පොදු ප්‍රවාහනයට අලුත් වැඩක්

3 June 2025
COVID -19 වෛරසයේ වර්තමාන තත්ත්වය

COVID -19 වෛරසයේ වර්තමාන තත්ත්වය

3 June 2025
සිසිලිය එට්නා රත්කරයි

සිසිලිය එට්නා රත්කරයි

3 June 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

තාත්තටයි පුතාටයි ඇප

තාත්තටයි පුතාටයි ඇප

3 June 2025
පොදු ප්‍රවාහනයට අලුත් වැඩක්

පොදු ප්‍රවාහනයට අලුත් වැඩක්

3 June 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved