27 April 2024
#වෙනත්

තම්මැන්නාගල පුරාණ රජමහා විහාරයේ චෛත්‍යරාජයාණන් වහන්සේගේ පලමු ආලෝක පුජාව මන්ත්‍රී දුමින්දගේ  ප්‍රධානත්වයෙන්

අනුරාධපුර, රඹෑව පණ්ඩුකාභයපුර තම්මැන්නාගල පුරාණ රජමහා විහාරයේ ප්‍රතිසංස්කරණය කෙරුණු චෛත්‍යරාජයාණන් වහන්සේට කොත් පළඳවා, කොත නිරාවරණය කරමින් සසුනට පූජා කිරීමෙන් අනතුරුව පැවැත්වූ පළමු චෛත්‍යය අලෝක පූජාව පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතාගේ සුරතින් සිදු කෙරිණි.

විහාරයේ ඉදිකර තිබූ සත්බුදු චෛත්‍යයරාජයාණන් වහන්සේගේ කොත් වහන්සේ ස්වාභාවික අනතුරක් හේතුවෙන් (අකුණු සැර වැදීමෙන්) හානියට පත් වූ අතර, කොත් වහන්සේගේ පැවති චූඩා මාණික්‍යයට එහිදී හානි සිදුව තිබිණි.

ප්‍රදේශයේ විශ්‍රාමික රණවිරුවන් එක්ව හිරු සඳු රණවිරු සුභසාධක සංගමය එක්ව චෛත්‍යය ප්‍රථිසංස්කරණය කටයුතු නිමකිරීමෙන් අනතුරුව නව චූඩාමාණික්‍යයක් පැළඳවීමට අවශ්‍යව ඇති බවට විහාරාධිපති හිමියන් ඇතුළු දායක සභාව දුමින්ද දිසානායක මන්ත්‍රීතුමන් දැනුම්වත් කිරීමෙන් අනතුරුව ඒ මහතාගේ පුද්ගලික ධන පරිත්‍යාගයෙන් අභාවප්‍රාප්ත උතුරු මැද පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය බර්ටි ප්‍රේමලාල් දිසානායක මහතාගේ දස වැනි ගුණානුස්මරණ පිංකම් මාලාවට සමගාමීව මෙම චූඩාමාණික්‍ය පූජා කෙරිණි.

 

 

තිසර සමල් සෝමරත්න අනුරාධපුර දිස්ත්‍රික්කය

Leave a comment

Your email address will not be published. Required fields are marked *