• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

ජෝසප් ඇතුලට මහින්ද එලියට – විපක්ෂනායක සජිත්

4 August 2022
in දේශීය

සාමකාමීව විනයානුකූලව විරෝධතා දැක්වූ ජෝසප් ස්ටාලින් වැනි වෘත්තීය සමිති නායකයින් දඩයම් කොට ඇතුලට දැමීමටත්, වර්තමානයේ පවත්නා හිංසාකාරී මර්දනයේ නියමුවා වන මහින්ද රාජපක්ෂ මහතා නිදහසේ එළියේ සිටීමටත් හේතුව කුමක්දැයි විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රශ්න කර සිටියේය.

විපක්ෂනායකවරයා මේ බව පැවසුවේ මේ වනවිට අත්අඩංගුවට ගෙන සිටින වෘත්තීය සමිති නායක ජෝසප් ස්ටාලින් මහතා බැලීමට අද (04) කොළඹ කොටුව පොලීසිය වෙත ගිය අවස්ථාවේදිය.

වැඩකරන ජනතාව වෙනුව කරන ජනතාව වෙනුවෙන් මෙන්ම ගුරු පරපුර වෙනුවෙන් ද අරගල කළ ජෝසප් ස්ටාලින් මහතා අත්අඩංගුවට ගෙන සිටියදී, මර්දනයේ පිතෘවරයා වන මහින්ද රාජපක්ෂ මහතා සුවසේ කල් ගත කරමින් සිටින බවද ඒ මහතා පැවසීය. මනුෂ්‍යත්වයේ නාමයෙන් රට ගැන සිතා එකට එක්ව කටයුතු කළයුතු අන්තනෝමතික ලෙස දේශපාලන දඩයමේ යෙදීම හෙළා දකින බවත්,මේ රාජ්‍ය ත්‍රස්තවාදය වහාම නතර කරන ලෙසත් විපක්ෂ නායකවරයා ඉල්ලා සිටියේය.

වර්තමාන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති වන්නට පෙරාතුව මන්ත්‍රීවරයෙකු ලෙස සිටියදී ජෝසප් ස්ටාලින් මහතා ගැන කළ ප්‍රකාශය සිහිපත් කළ හෙතෙම එදා ඔහු අත්අඩංගුවට ගන්නා විට ජී එස් පී සහනය අහිමිවන්නට පුළුවන් යැයි කීවා නම් අද එසේ නොවන්නේ දැයි ප්‍රශ්න කර සිටියේය.

ප්‍රශ්න විසඳිය යුත්තේ බෝම්බයෙන් කඩුවෙන් උණ්ඩයෙන් වැනි ආයුධවලින් නොවන බවත් එය කළ යුත්තේ සාකච්ඡාවෙන් සම්මුතියෙන් බවත් පැවසූ විපක්ෂ නායකතුමා,වර්තමානය දක්වා ඇදී ආ හිංසන චක්‍රය ආරම්භ කළේ හිටපු අගමැති මහින්ද රාජපක්ෂ මහතා බව ද පැවසීය.

ඕනෑම පුරවැසියෙකුට තමන් දරන මතය වෙනුවෙන් ඉදිරිපත් වීමටත්, පෙනී සිටීමටත්, කතා කිරීමටත් රැස්වීමටත්, සාමකාමීව විරෝධතා දැක්වීමටත්, අයිතියක් ඇති බව පැවසූ විපක්ෂ නායකතුමා ප්‍රචණ්ඩත්වයෙන් තොර ඕනෑම අරගලයකට ඇති අයිතිය කිසිවෙකුටත් උල්ලංඝනය කළ නොහැකි බව ද පැවසීය. ජෝසප් ස්ටාලින් මහතා තමන්ට හිමි අයිතිය රට වෙනුවෙන් ප්‍රජාතන්ත්‍රවාදීව පාවිච්චි කළ බවත් එකී අයිතියට විරුද්ධ වන්නට කිසිවෙකුට නොහැකි බවත් විපක්ෂ නායකවරයා අවධාරණය කළේය.

Post Views: 6
Previous Post

කේරළ ගංජා තොගයක් උතුරු දූපත් ආශ්‍රිත මුහුදේදී නාවික හමුදා භාරයට

Next Post

කොළඹ වරාය නගරය ආර්ථික කොමිෂන් සභාව – 2 වන ද්විවාර්ෂික ප්‍රගති වාර්තාව

editor

editor

Next Post

කොළඹ වරාය නගරය ආර්ථික කොමිෂන් සභාව - 2 වන ද්විවාර්ෂික ප්‍රගති වාර්තාව

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved