27 April 2024
#දේශීය

මාධ්‍යවේදී උපුල්ගේ “මකර දේශයේ සිට”කෘතිය එලිදකි

මාධ්‍යවේදී උපුල් වික්‍රමසිංහ විසින් රචනා කරන ලද කුලුඳුල් කෘතිය “මකර දේශයේ සිට” එළිදැක්වීම එළැඹෙන 08 වනදා සවස 3.00 ට කොළඹ මහජන පුස්තකාල ශ්‍රවණාගාරයේදී පැවැත්වීමට නියමිතයි.

කතුවරයා පුරා මාස දහයක කාලයක් තිස්සේ චීනයේ විවිධ ප්‍රාන්තවල ඇවිදිමින් නොයෙක් සංස්කෘතික ක්‍රියාකාරකම්වල සජීවී අත්දැකීම් විඳගනිමින් ලද අත්දැකීම් සම්භාරය මෙම කෘතියට පාදක වී තිබේ.

තවද චීනයේ ප්‍රවාහන පද්ධතියේ දියුණුව සහ තාක්ෂණික කේෂ්ත්‍රයේ ඇතිව තිබෙන ප්‍රබෝදය ගැන ද මෙම කෘතියෙන් විස්තර ඉදිරිපත් කෙරේ.

මෙම කෘතිය රුසියාව ප්‍රකාශනයක් ලෙස එළිදුටු මේ ග්‍රන්ථය නුගේගොඩ දුයිෂෙන්ගෙ පොත්හලෙන් මිල දී ගත හැකිය.

Leave a comment

Your email address will not be published. Required fields are marked *