• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

ගෝඨා වරදකරුවන් නිදහස් කරන බවට ජවිපෙන් චෝදනා

27 January 2021
in දේශීය

දේශපාලන පලිගැනීම් වචනෙට මුවාවෙලා ජනාධිපතිවරයා හොරු, තක්කඩි වංචාකාරයෝ සහ මිනී මරුවෝ නිදහස් කරන බව ජනතා විමුක්ති පෙරමුණ පවසයි.

ඊයේ (26) පැවැති මාධ්‍ය හමුවේදී එම පක්ෂයේ ප්‍රචාරක ලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා පවසයි සිටියේ රූපවාහිනී සංස්ථාව සම්බන්ධයෙන් කඩුවෙල උසාවියේ පැවති නඩුව අදාලව බැසිල් රාජපක්‍ෂ ඇතුළු අනිකුත් චූදිතයන් නිදොස් කොට නිදහස් කිරීමට මෙම කොමිෂන් සභාව ඒකමතිකව තීරණය කර තිබෙන බවයි.

එහිදී වැඩිදුරටත් විජිත හේරත් මහතා පවසා සිටියේ ” උදය ගම්මන්පිලට නඩු දැම්මේ ඕස්ටේ්‍රලියානු ජාතික බ්‍රයන් ෂෙඩික් පෞද්ගලික මූල්‍ය ගණුදෙනුවක් සම්න්ධයෙන්. නමුත් මේ කොමිසමෙන් උදය ගම්මන්පිල මහතාට එරෙහිව කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේ බී 2254/2015 නඩුවෙන් ගොණුකර ඇති සියලු චෝදනාවලින් සහ කොළඹ මහාධිකරණයේ අංක 8394/2016 හා 8395/2016 දරන අධි චෝදනාවලින් ඉල්ලා අස්කර ගැනීම මගින් එහි දැක්වෙන සියලු චෝදනාවලින් නිදොස් කොට නිදහස් කිරීමට කොමිසම තීරණය කරනවා. පුද්ගලික මූල්‍ය ගනුදෙනුවක් ගැන නඩුවක් දේශපාලන පළිගැනීමක් වෙන්නේ කොහොමද? ඉතා නිර්ලජ්ජිත විදිහට ඒ නඩුව ඉල්ලා අස්කර ගන්නත් නිර්දේශ කර නඩුව දාපු අයට විරුද්ධව කටයුතු කරන්නත් නිර්දේශ කරනවා. යෝෂිත රාජපක්‍ෂට එරෙහිව තිබුණු නඩුවේ සියලු චෝදනාවලින් ඔහු නිදොස් කොට නිදහස් කළ යුතු බව තීරණය කරනවා. උසාවියේ තියෙන නඩුවක් සම්බන්ධයෙන් කොමිෂන් සභාව නිර්දේශ දී තිබෙනවා. අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවට පැමිණිලි කළ අයට විරුද්ධව කටයුතු කරන්නත් නිර්දේශ කරනවා. නාලක ගොඩහේවාට විරුද්ධව තියෙන නඩුවෙනුත් ඔහු නිදහස් කරන්න නිර්දේශ කරනවා. කවුරුත් දන්නවා, පිල්ලෙයාන් නිදොස් කොට නිදහස් කළ බව. හේතුව වුණේ නීතිපතිවරයා විසින් චෝදනා ඉල්ලා අස්කර ගැනීමයි. “සිවනේෂතුරෙයි චන්ද්‍රකාන්තන් නොහොත් පිල්ලෙයාන් මහතාට එරෙහිව මඩකලපුව මහේස්ත්‍රාත් අධිකරණයේ ගොණුකර ඇති බී 1357/05 දරන බී වාර්තාවේ සියලු චෝදනාවලින් සහ මඩකලපුව මහාධිකරණයේ එච්.සී.ඩී./3057/17 දරන අධි චෝදනාපත්‍ර ඉල්ලා අස්කර ගැනීම, එකී චෝදනාවලින් නිදොස් කොට නිදහස් කිරීමට කොමිෂන් සභාව නිර්දේශ කර ඇත.” මිනීමැරුම් චෝදනා තිබෙන පිල්ලෙයාන්ව නිදොස් කොට නිදහස් කළේ මේ විදිහටයි.

ජාලිය වික්‍රමසූරිය සම්බන්ධයෙන් තිබෙන නඩුව සම්බන්ධ සියලු චෝදනාවලින් නිදොස් කොට නිදහස් කර විදේශ ගමන් තහනම ඉවත් කිරීමට අදාල අංශ වහාම ක්‍රියාත්මක විය යුතු බව නිර්දේශ කර තියෙනවා. ඔහු උසාවියට ඉදිරිපත් වෙන්නේ නැතිව ඉඳලා පස්සේ කාලකදී ඉදිරිපත් වුණා. නැවත රටෙන් පැන්නා. දැන් ලංකාවෙත් නැහැ. පැනලා ගිය කෙනෙකුත් නිදොස් කොට නිදහස් කරනවා. ඔහුට විරුද්ධව නඩු දාපු අයට විරුද්ධව නීතිමය ක්‍රියාමාර්ග ගන්න කියලා නිර්දේශ කරනවා. නිශ්ශංක සේනාධිපති කියන්නේ ඇවන්ගාඩ් සමාගම පවත්වාගෙන යමින් මහජන මුදල් විනාශ කරපු කුප්‍රකට ව්‍යාපාරිකයෙක්. ඔහු රාජ්‍ය සේවකයෙක් නෙවෙයි. ඔහු මේ කොමිසමට අදාල නැහැ.
ආරක්‍ෂක අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරියක්ව සිටි දමයන්ති ජයරත්නත් මේ කුප්‍රකට ව්‍යාපාරිකයත් එක්ක දූෂණයට සම්බන්ධයි. මේ දෙදෙනාටම තියෙන චෝදනා ඉල්ලා අස්කර ගන්න නිර්දේශ කර තිබෙනවා. ඒ වගේම හිටපු අග්‍රවිනිශ්චයකාර ශිරානි බණ්ඩාරනායක ධූරයෙන් ඉවත් කළ අවස්ථාවේ ශ්‍රේෂ්ඨාධිකරණයේ අසල කළහකාරීව හැසිරුණු, දූෂණ චෝදනා තිබෙන මහින්ද කහඳගමගේ පවා නිදහස් කරන්න නිර්දේශ කරනවා. හිටපු විදේශ ඇමති රෝහිත බෝගොල්ලාගම විදේශ ගමනකදී අධික වියදම් තුළින් රජයේ මුදල් අවභාවිතා කළ කියලා චෝදනාව එල්ල වී තිබෙනවා. එම නඩුවත් ඉල්ලා අස්කර ගන්න නිර්දේශ දෙනවා. ද්වේශසහගත උත්සාහයක් නිසා රෝහිත බෝගොල්ලාගමට චෝදනා කළ බව කොමිසම සඳහන් කරනවා.

අපේ රටේ යුද්ධය තිබුණු වෙලාවේ ජනතාව අසීමිත කැපකිරීම් කළා. නමුත් උදයංග වීරතුංගලා මිග් යානා ගෙන්වීමේදී විශාල මූල්‍ය වංචාවක් කළා. ඔහුත් සියලු චෝදනාවලින් නිදහස් කරන්න නිර්දේශ කරනවා. “නීතිපතිවරයා මැදිහත්ව වැඩිදුරටත් ක්‍රියා නොකරන බව අධිකරණයට වාර්තා කරන්න” කියලා නිර්දේශ කරනවා. පහුගිය කාලය පුරාවට හැංගිල හිටිය උදයංග වීරතුංග කළ වංචා පිළිබඳව නිදහස් කරනන් නිර්දේශ කරනවා. ජනාධිපති කොමිෂන් සභාව මේ වගේ නිර්දේශයක් කරන්නේ කොහොමද? විවිධ චෝදනා ගණනාවක් තිබෙන අය චෝදනාවලින් නිදහස් කර යවන්න නිර්දේශ ඉදිරිපත් කරනවා. දූෂිත නිළධාරියෙක් වූ නීල් බණ්ඩාරට විරුද්ධව තිබෙන චෝදනාවලින් නිදහස් කර දේශීය හෝ විදේශීය ආර්ථික උපදේශකවරයෙකු වශයෙන් තනතුරුවලට සුදුසු බවත් කොමිසම නිර්දේශ කරනවා. මේ කොමිෂන් සභාවට මෙවැනි නිර්දේශයක් කරන්න බලය ලැබුණේ කොහොමද? ඒ වගේම මුළු ලෝකයේම ජීවත් වන ශ්‍රී ලාංකිකයන් දන්නා මල්වානේ නිවස පිළිබඳ නඩුවෙනුත් බැසිල් රාජපක්‍ෂ නිදහස් කරන්න නිර්දේශ කරනවා. මේ වගේ මතභේදකාරී නිර්දේශ ඉදිරිපත්කර තිබෙනවා. පහුගිය කාලයේ මහා පරිමාණ වංචා-දූෂණ සිදුකළ සියලු දෙනාවම නිදොස් කොට නිදහස් කරන්න නිර්දේශකර තිබෙනවා. දේශපාලන පලිගැනීම්වලට මුවා වෙලා හොරු, තක්කඩි වංචාකාරයෝ සහ මිනී මරුවෝ නිදහස් කරගන්න ගෙනියන මේ උත්සාහය මේ රටේ ජනතාව කිසි සේත්ම අනුමත කරන්නේ නැහැ කියන එක අපිට විශ්වාසයි.

 

Post Views: 20
Previous Post

මට පිස්සු කියන්නේ මං කරන වැඩ ඉවසන්න බැරි අයයි – චිරන්ත අමරසිංහ

Next Post

ඉතාලි අගමැති ඉල්ලා අස්වෙයි

editor

editor

Next Post

ඉතාලි අගමැති ඉල්ලා අස්වෙයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved