27 April 2024
#විදෙස්

ඉතාලි අගමැති ඉල්ලා අස්වෙයි

ඉතාලි අග්‍රාමාත්‍ය ගුසෙප්පේ කොන්ටේ සිය ධූරයෙන් ඉල්ලා අස්වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

එම වාර්තා වැඩිදුරටත් සඳහන් කළේ එරට කොරෝනා ආසාදිතයින් පාලනය කිරීම සම්බන්ධයෙන් ඇති වු අර්බුදය හමුවේ ඉතාලි රජය, රාජ්‍ය මුදල් පරිහරණය කළ ආකාරය සම්බන්ධයෙන් විවිධ දේශපාලන පක්ෂවලින් ඉතාලි රජයට විවේචන එල්ල වීම අගමැතිවරයාගේ අස්වීමට හේතු වු බවයි.

 

කොරෝනා වෛරසය හේතුවෙන් ඉතාලියේ පුද්ගලයෝ 2,485,956 ක් ආසාදිත වු අතර 86,422 ක් ජිවිතක්ෂයට පත් විය.

Leave a comment

Your email address will not be published. Required fields are marked *