කඩුවෙල මහ නගර සභා බල ප්‍රදේශයේ කසළ එකතු කිරීමේ ක්‍රියාවලිය සම්බන්ධයෙන් එල්ල වන විවේචනවලට පිළිතුරු දෙමින් නගරාධිපති රන්ජන් ජයලාල් මහතා පවසන්නේ, ජනතාව කසළ බැහැර කළ සැණින් ඒවා එකතු කිරීම තාක්ෂණිකව කළ නොහැකි කාර්යයක් බවයි.
කසළ එකතු කිරීම සඳහා නිශ්චිත කාලසටහනක් පවතින බවත්, සාමාන්‍යයෙන් රාත්‍රී කාලයේ මාර්ග අසල තබන කසළ පසුදින පෙරවරු 10.00 සිට දහවල් 12.00 දක්වා කාලය තුළ එකතු කරන බවත් ඔහු පෙන්වා දෙයි. එම කාල පරාසය තුළ කසළ මාර්ග අසල තිබීම සාමාන්‍ය තත්ත්වයක් බව ඔහු අවධාරණය කළේය.
ඇතැම් පිරිස් සහ මාධ්‍ය ආයතන කසළ එකතු කිරීමට පෙර එම ස්ථාන වීඩියෝ ගත කර, නගර සභාව අකාර්යක්ෂම බවට රටට වැරදි චිත්‍රයක් මවා පෑමට උත්සාහ කරන බවට නගරාධිපතිවරයා චෝදනා කරයි. මෙය සැලසුම් සහගතව සිදුකරන වැඩක් බව පවසන ඔහු, තමන් උපරිම ශක්තිය යොදවා කසළ කළමනාකරණ කටයුතු විධිමත්ව සිදුකරන බවත් මෙවැනි අසත්‍ය ප්‍රචාරවලින් නොමඟ නොයන ලෙසත් ජනතාවගෙන් ඉල්ලා සිටී.














