• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනයේ සභාපති ධුරය කංචන ජයරත්නට හිමිවෙයි

5 April 2021
in ක්‍රීඩා

ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනයේ 17 වැනි සභාපතිවරයා ලෙස කංචන ජයරත්න මහතා ඊයේ (04) නිතරඟයෙන් තේරී පත්විය.

මෙරට ජාතික ක්‍රීඩාව වන වොලිබෝල් ක්‍රීඩාව නඟා සිටුවීමටත්, ඒ පිළිබඳව රට තුළ ආකර්ශනයක් ගොඩනැගීමටත් ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනයේ ඡ්‍යෙෂ්ඨ උප සභාපති වරයා ලෙස සුවිශාල මෙහෙයක් ඒ මහතා විසින් ඉටු කර ඇත. මීට ඉහත සභාපතිධූරයේ කටයුතු කරන ලද්දේ නියෝජ්‍ය කථානායක රංජිත් සියඹලාපිටිය මහතායි.

මෙරට ජාතික ක්‍රීඩාව වන වොලිබෝල් ක්‍රීඩාව ලෝකයේ රටවල් 221 ක් ක්‍රීඩා කරන ප්‍රධාන පෙළේ ක්‍රීඩාවක් වන අතර, කුඩා කළ සිටම ක්‍රීඩාවෙන් දස්කම් පෙන්වා ඇති කංචන ජයරත්න මහතා දක්ෂ වොලිබෝල් ක්‍රිඩකයෙකු ද වේ. කංචන ජයරත්න මහතා වෙන්නප්පුව ඡෝශප් වාස් විද්‍යාලීය කණ්ඩායම නියෝජනය කළ අති දක්ෂ ක්‍රීඩකයෙකි. පාසල් අවධියේ දී වොලිබෝල්, ක්‍රිකට්, පාපන්දු, මළල ක්‍රීඩා, හා බේස්බෝල් යන ක්‍රීඩා රැසක නිරත වෙමින් සමස්ථ ලංකා, ජාතික ජයග්‍රහනයන් ලබා ඇති කණ්ඩායම් නියෝජනය කල ක්‍රිඩකයෙකු ද වේ. එමෙන්ම ටයිකොන්ඩෝ සහ කුන්ෆු ආත්මාරක්ෂක ක්‍රීඩාවන්හි ද පුහුණුව ලබා සිටින කංචන මහතා එම ක්‍රීඩාවන්හි ජාතික ශූරතා තරඟ වලට සහභාගී වී ජයග්‍රහණ ලබා ඇත.

කංචන ජයරත්න මහතා ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනයේ උප සභාපතිවරයා ලෙස 2009 වසරේ දී පත්විය. එතැන් සිට මේ දක්වා වසර 12 ක් ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනයේ ඡ්‍යෙෂ්ඨ උප සභාපතිවරයා ලෙසත්, තරඟ කමිටු සභාපතිවරයා ලෙසත්, පුහුණුකරුවන් තේරීමේ කමිටුවේ සභාපතිවරයා ලෙසත් කටයුතු කර ඇත. මේ වන විට ශ්‍රී ලංකා ටයිකොන්ඩෝ සංගමයේ සභාපතිධූරය, රත්නපුර දිස්ත්‍රික් වොලිබෝල් සංගමයේ සභාපතිධූරය, රත්නපුර දිස්ත්‍රික් පාපන්දු සංගමයේ සභාපතිධූරය, රත්නපුර දිස්ත්‍රික් ක්‍රිකට් සංගමයේ සභාපතිධූරය සහ රත්නපුර ටයිකොන්ඩෝ සංගමයේ සභාපතිධූරය හොඹවන කංචන ජයරත්න මහතා ක්‍රීඩා ක්ෂේත්‍රයේ උන්නතිය උදෙසා කැපවී කටයුතු කරනු ලබයි.

ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනයේ සභාපතිවරයා ලෙස ඉදිරියේ දී වොලිබෝල් ක්‍රීඩාව ශක්තිමත් කරමින් ක්‍රීඩාවෙන් ජාතික හා ජාත්‍යන්තර මට්ටමේ ජයග්‍රහණ අත්කර ගැනීම අරමුණු කොටගෙන තමා කටයුතු කරන බවත්, ඒ සදහා තම උපරිම දායකත්වය නව සභාපතිවරයා ලෙස ලබාදෙන බව ද කංචන ජයරත්න මහතා මෙහිදී පැවැසීය.

Post Views: 10
Previous Post

පොල්තෙල් පරීක්ෂා කලේ අපේ ආණ්ඩුවෙන් බව ලාන්සා කියයි

Next Post

ජෙයරාජ් ප්‍රනාන්දුපුල්ලේ 13 වන ගුණ සැමරුම හෙටයි

editor

editor

Next Post

ජෙයරාජ් ප්‍රනාන්දුපුල්ලේ 13 වන ගුණ සැමරුම හෙටයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved