27 April 2024
#දේශීය

ජෙයරාජ් ප්‍රනාන්දුපුල්ලේ 13 වන ගුණ සැමරුම හෙටයි

කෘතහස්ත දේශපාලනඥයෙකු වූ හිටපු අමාත්‍ය ජෙයරාජ් ප්‍රනාන්දුපුල්ලේ මහතාගේ 13 වන ගුණ සැමරුම හෙට ( අප්‍රේල් මස 06 ) දිනට යෙදී තිබේ.

ඒ නිමිත්තෙන් එතුමාගේ ගුණ සමරා ආගමික වතාවත් අප්‍රේල් මස 05 සහ 06 යන දෙදින තුළ සිදුකිරීමට නියමිතය.

ජෙයරාජ් ප්‍රනාන්දුපුල්ලේ මහතාට පිං පැමිණවීම සදහා කටාන ජනජයගම බෝලවලාන ශ්‍රී ජයසුදර්ශනාරාමයේදී අප්‍රේල් මස 05 වන දින සවස 06.00ට විශේෂ බෝධිපූජා වැඩසටහනක් පැවැත්වීමට නියමිත අතර එදින සවස 07.00ට එතුමාගේ ගුණ සිහිකර විශේෂ ධර්ම දේශනාවක් පැවැත්වීමට නියමිතය. අප්‍රේල් මස 06 වන දින පෙ.ව 8.30ට වැලිවේරිය ජෙයරාජ් ප්‍රනාන්දුපුල්ලේ ස්මාරකය (කාන්ති ක්‍රීඩාංගණය ඉදිරිපිට) වෙත පුෂ්පෝපහාර දැක්වීම ප්‍රාථමික සෞඛ්‍ය සේවා, වසංගත රෝග සහ කොවිඩ් රෝග පාලන කටයුතු රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සුදර්ශිනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මියගේ ප්‍රධානත්වයෙන් සිදුකිරීමට නියමිත අතර එදින දහවල් මහ සගරුවන විෂයෙහි දානමය පිංකමක් සිදුකිරීමට නියමිතය.
ජනජයගම ශ්‍රී ජයසුදර්ශනාරාමය අමාත්‍ය ජෙයරාජ් ප්‍රනාන්දුපුල්ලේ මහතා විසින් ඉදිකර මහා සංඝරත්නය වෙත පූජකරන ලද විහාරස්ථානයක් වීම විශේෂත්වයකි.

2008 අප්‍රේල් මස 06 වන දින ජෙයරාජ් ප්‍රනාන්දුපුල්ලේ මහතා වැලිවේරියේදී එල්ටීටීඊ ත්‍රස්තවාදීන් විසින් එල්ල කල බෝම්බ ප්‍රහාරයකින් ජීවිතක්ෂයට පත්විය.

Leave a comment

Your email address will not be published. Required fields are marked *