මහනුවර සහ පේරාදෙණිය දුම්රිය ස්ථාන අතර පිහිටි මල්ගම්පොල (රැන්ඩන් හිල්ස්) දුම්රිය හරස් මාර්ගය අත්‍යවශ්‍ය අලුත්වැඩියා කටයුත්තක් සඳහා තාවකාලිකව වසා තැබීමට දුම්රිය දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ.
මෙම හරස් මාර්ගය ද්විත්ව මහාමාර්ගයකට (dual carriageway) ගැලපෙන පරිදි වැඩිදියුණු කිරීම සඳහා මෙම අලුත්වැඩියාවන් සිදු කෙරේ. ඒ අනුව, ගාල්ලේ – මහනුවර උඩ පාර සහ විලියම් ගොපල්ලව මාවත යා කරන මෙම හරස් මාර්ගය, ජූලි 10 වන සිකුරාදා සවස 6.00 සිට ජූලි 13 වන සඳුදා අලුයම 4.00 දක්වා රථවාහන ගමනාගමනය සඳහා සම්පූර්ණයෙන්ම වසා තැබෙනු ඇත.
මෙම කාලසීමාව තුළ රථවාහන තදබදය අවම කර ගැනීම සඳහා විකල්ප මාර්ග භාවිතා කරන ලෙස රියදුරන්ගෙන් කාරුණිකව ඉල්ලා සිටින අතර, දුම්රිය දෙපාර්තමේන්තුව විසින් සිදුකරනු ලබන මෙම නඩත්තු කටයුතු සඳහා මහජනතාවගේ සහයෝගය බලාපොරොත්තු වේ.
















