අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් අද (06) දින මහනුවර ප්‍රදේශ කිහිපයකට පැය පහක ජල සැපයුම් බිඳ වැටීමක් සිදු වන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය (NWSDB) නිවේදනය කර තිබේ.
පූජාපිටිය ජල සම්පාදන ව්‍යාපෘතිය යටතේ මෙඩවල (පැරණි සහ නව), ගල්ලෙනවත්ත, ගලගෙදර සහ මාවතගම සේවා ජලාශ මඟින් ජලය සපයන ප්‍රදේශවලට මෙම ජල කප්පාදුව බලපානු ඇත. අදාළ නඩත්තු කටයුතු හේතුවෙන් අදාළ ප්‍රදේශවලට ජල සැපයුම තාවකාලිකව අත්හිටුවනු ලබන අතර, ජලය අරපිරිමැස්මෙන් භාවිත කරන ලෙස පාරිභෝගිකයන්ගෙන් ඉල්ලා සිටින ජල සම්පාදන මණ්ඩලය, වැඩි විස්තර සඳහා 1939 අංකය හරහා තොරතුරු ලබාගත හැකි බව දන්වා සිටියි.













