පවර් සෙට් යන්ත්‍රයක හිඟයක් හේතුවෙන් කැලණිවැලි දුම්රිය මාර්ගයේ ක්‍රියාත්මක දුම්රිය ගමන් වාර දෙකක් අද (ජූලි 01) සිට ක්‍රියාත්මක වන පරිදි අවිනිශ්චිත කාලයක් දක්වා අත්හිටුවීමට දුම්රිය දෙපාර්තමේන්තුව තීරණය කර ඇත.
ශ්‍රී ලංකා දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය සඳහන් කරන පරිදි, මෙම තීරණය හේතුවෙන් කොළඹ කොටුවේ සිට අවිස්සාවේල්ල දක්වා පස්වරු 4.00ට ධාවනය වන දුම්රිය සහ අවිස්සාවේල්ලේ සිට කොළඹ කොටුව දක්වා අලුයම 5.55ට ධාවනය වන දුම්රිය මෙලෙස අවලංගු වී තිබේ.
දුම්රිය ගමන් වාර නිතර අවලංගු වීම දුම්රිය සේවාව තුළ නැවත නැවතත් මතුවන ගැටලුවක් බවත්, මෙලෙස හදිසියේ ගමන් වාර අත්හිටුවීම නිසා විශේෂයෙන්ම කාර්යාල සේවකයින් සහ දෛනික මගීන් දැඩි අපහසුතාවයට පත්ව ඇති බවත් දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය පෙන්වා දෙයි.
















