27 April 2024
#සංවර්ධන

කිළිනොච්චිය නව බස්නැවතුම්පළ කඩිනමින් ජනතා අයිතියට

ඉදිකිරීම් කටයුතු නිම කර ඇති කිළිනොච්චිය නව බස්නැවතුම්පළ කඩිනමින් ජනතා අයිතියට පත් කල බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යංශය පවසයි.

ඊට අදාළ කටයුතු කඩිනමින් සිදු කරන්නැයි නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා නිළධාරීන්ට උපදෙස් දෙයි.

මෙම බස් නැවතුම්පොළ ඉදිකිරීම සදහා වැය කර ඇති මුළු මුදල රුපියල් මිලියන 94 කි. 2016 වසරේ සිට 2019 වසර දක්වා ශ්‍රී ලංකා ඉංජිනේරු සංස්ථාව විසින් මෙහි කොටසක ඉදිකිරීම් කටයුතු සිදු කර තිබේ.

පසුව නාගරික සංවර්ධන අධිකාරිය විසින් 2020 වසරේදී මෙහි ඉදිකිරීම් කටයුතු ආරම්භ කර ඇති අතර 2022 වසරේ මැයි මාසයේදී එය අවසන් කර ඇත. උතුරු පළාත් සභාවට අයත් ඉඩමක මෙය ඉදිකර තිබේ.

Leave a comment

Your email address will not be published. Required fields are marked *