යාපනය දිස්ත්‍රික්කයේ ජනතාවගේ ආරක්ෂාව සහ පොලිස් සේවාවන් වඩාත් කාර්යක්ෂම කිරීමේ අරමුණින් ඉදිකරන ලද නව කෝක්කඩයි පොලිස් ස්ථානය, හෙට (ජූනි 14) දින නිල වශයෙන් විවෘත කිරීමට සියල්ල සූදානම් කර ඇත.
මෙම අවස්ථාව මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ගරු ආනන්ද විජේපාල මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන අතර, පොලිස්පති නීතිඥ ප්‍රියන්ත වීරසූරිය මහතා ද ඊට සහභාගී වීමට නියමිතය.
නව පොලිස් ස්ථානය විවෘත කිරීම හෙට පෙ.ව. 9.00ට සිදුවන අතර, එම ස්ථානය පැරණි කෝක්කඩයි පොලිස් ස්ථානයේ සිට නාසා මාර්ගය ඔස්සේ කිලෝමීටර් 2.3ක දුරකින් පිහිටා ඇත. මෙම කටයුත්ත ප්‍රදේශයේ නීතිය හා සාමය පවත්වාගෙන යාම සඳහා විශාල දායකත්වයක් වනු ඇතැයි අපේක්ෂා කෙරේ.
















