කොස්ගොඩ ප්‍රදේශයේදී අද (සැප්තැම්බර් 06) අලුයම සංවිධානාත්මක අපරාධකරුවෙකු වන කොස්ගොඩ තාරක නැමැත්තාගේ ඥාතියෙකු ඉලක්ක කර ගනිමින් වෙඩි තැබීමේ උත්සාහයක් සිදුවී ඇති නමුත්, එය ව්‍යර්ථ වී තිබේ.
මිලිමීටර් 9 වර්ගයේ ගිනි අවියක් භාවිත කරමින් අදාළ පුද්ගලයාට වෙඩි තැබීමට අවස්ථා දෙකකදී උත්සාහ කර ඇතත්, එම අවස්ථා දෙකේදීම ගිනි අවිය ක්‍රියාත්මක වී නැත. මේ වන විට සිද්ධිය සම්බන්ධයෙන් කොස්ගොඩ පොලිසිය විසින් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක කරනු ලබයි.














