• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

ප්‍රහාරයක් සම්බන්ධයෙන් සිදු කල වාර්තාවට ලංකා ඊ නිව්ස් මාධ්‍යවේදීයෙකු අත්අඩංගුවට ….

14 August 2021
in දේශීය

ලංකා ඊ නිව්ස්හි ආරක්ෂක සහ දේශපාලන විශ්ලේෂකයෙකු වන මාධ්‍යවේදී කීර්ති රත්නායක මහතා කොළඹ අපරාධ පරීක්ෂණ කොට්ඨාශය හෙවත් සීසීඩීය විසින් අත් අඩංගුවට ගෙන ප්‍රශ්ණ කර බව දැනගන්නට ඇත.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසුවේ ප්‍රහාරයක් එල්ලවන බවට ලැබුණු පැමිණිල්ලක් මත සිදුකළ විමර්ශනයකදී මෙම පුද්ගලයෙකුව අද (14) අත්අඩංගුවට ගත් බවයි.

ඔහු සඳහන් කළේ, කොළඹ පිහිටි ජාත්‍යන්තර සබඳතාවලට අදාළ විදේශ ආයතනයකට ප්‍රහාරයක් එල්ලවන බවට යම් තොරතුරක් ලැබුණු බවත් එම තොරතුර සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුකරන ලෙසත් දන්වා එම ආයතනයේ නිලධාරීන් විසින් ඊයේ (13) දහවල් කොල්ලුපිටිය පොලීසිය වෙත පැමිණිල්ලක් සිදුකර තිබිමට අදාළ පැමිණිල්ල කොළඹ අපරාධ කොට්ඨාසයට භාරදී ඒ සම්බන්ධයෙන් සිදුකළ විමර්ශනයේදී අනාවරණය වූ කරුණු මත එක් පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා වැඩිදුරටත් පැවසුවේ ඔහු ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ නිලධාරියෙකු ලෙස සේවය කර ඇති බවත් කිසියම් සිද්ධියක් නිසා පසුව ඔහුව ඉන් නෙරපා ඇති බවත්ය. අදාළ සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක බවද ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසීය.

නමුත් අප මේ සම්බන්ධයෙන් ලංකාඊනිව්ස් කතෘ සඳරුවන් සේනාධිර මහතාගෙන් කල විමසීමේදී ඔහු කියා සිටියේ මීට වසර 12 කට පෙරද තමන්ගේ ආයතනයේ සේවය කල මාධ්‍යවේදීයෙකුවට වුන සිද්ධිය හා සමාන මෙම සිද්ධියත් සිදුවෙමින් පවතින බවයි.

 

ලංකා ඊ නිව්ස් වෙබ් අඩවියේ ඒ සම්බන්ධයෙන් මෙසේ සඳහන් කර ඇත.

 

(ලංකා ඊ නිව්ස් -2021.අගෝ.14, ප.ව.1.40) ලංකා ඊ නිව්ස්හි ආරක්ෂක සහ දේශපාලන විශ්ලේෂකයෙකු වන මාධ්‍යවේදී කීර්ති රත්නායක මීට ස්වල්ප මොහාතකට පෙර කුප්‍රකට කොළඹ අපරාධ පරීක්ෂණ කොට්ඨාශය හෙවත් සීසීඩීය විසින් අත් අඩංගුවට ගෙන තිබේ. ඔහු සිටි නවාතැන වටලා අත් අඩංගුවට ගත් පිරිස මේ වන විට හෝමාගම පොලිසියේ රැඳී සිටින බව වාර්තා වේ. අත් අඩංගුවට ගත් නිලධාරියා කීර්ති අත් අඩංගුවට ගැනීමට හේතුව ලෙස සඳහන් කරන්නේ ඔහු ලියා ඇති දේ පිළිබඳ සත්‍ය අසත්‍යතාවය සෙවීම පිණිස අත් අඩංගුවට ගත් බවයි.

හෙට ඉන්දීය නිදහස් දිනය දා කොළඹ පිහිටි ඉන්දීය තානාපති කාර්යාලයට ප්‍රහාරයක් එල්ල විය හැකි යැයි පුරෝකථනයක් කරමින් ඒ පිළිබඳ සැලකිලිමත් වන්නැයි කොළඹ ඉන්දීය තානාපති කාර්යාලයට දැනුම් දුන් අනතුරු ඇඟවීමක් සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා ගැනීමට අවශ්‍ය යැයි කියා අද(14) උදෑසන 10 ට කොල්ලුපිටිය පොලිසියට පැමිණ පොලිස් පරීක්ෂක මිද්දෙණිය නමැති නිලධාරියෙකු හමුවන්නැයි ජ්‍යෙ.නි.පොලිස්පති දේශබන්ධු තෙන්නකෝන් දුරකථනය මගින් කීර්තිට දැනුම් දී තිබිණ. ඔහු ඊට එකඟතාවය ප්‍රකාශ කර තිබියදී ඊයේ සවස සහ රාත්‍රිය පුරා ඔහුගේ අඹු දරුවන්ගේ දෙමාපියන්ගේ නිවෙස් වෙත සහ හිතවතුන්ගේ නිවෙස් වෙත පොලිසිය හඹා යමින් ඔහු පිළිබඳ තොරතුරු විමසමින් සිටියේ ය.

ලංකා ඊ නිව්ස් ලන්ඩන් කාර්යාලය සමග අවසන් වරට අද උදෑසන 9 ට පමණ අදහස් දැක්වූ අවස්ථාවේ දී කීර්ති කියා සිටියේ ඔහු දැන් කොල්ලුපිටිය පොලිසිය බලා ගමන් කිරීමට සූදානම් වන බවත් ඉන්දීය තානාපති කාර්යාලයේ නිලධාරිනියක් ද පොලිසිය වෙත පැමිණෙන බව තමන්ට දැනුම් දුන් බවයි.

ඒ අතරතුර දී සීසීඩීය විසින් අත් අඩංගුවට ගැනීම සිදුකර තිබේ. ඔහු තමන්ට ලැබුණු ආරක්ෂක තොරතුර මාධ්‍යයේ ප්‍රසිද්ධ නොකෙළේ ය. කෙළේ වඩා සැලකිලිමත් වීම සඳහා අදාල අංශය වන ඉන්දීය තානාපති කාර්යාලය වෙත දැනුම් දීම ය. දැන් සිදුවන්නේ ඉන්දීය තානාපති කාර්යාලය දඩමීමා කරගෙන සාක්ෂි කරුවෙක් විය යුතු පුද්ගලයා විත්තිකාරයා කරමින් තමන්ට හිසරදයක් වී සිටි මාධ්‍යවේදී කීර්ති රත්නායක දඩයම් කිරීම ය.

Post Views: 9
Previous Post

කොවිඩ් ආසාදිතයන් නිවෙස් තුළම සිටිමේ වැඩසටහන අද සිට ක්‍රියාත්මකයි

Next Post

එපිසිලෝන් භායනකයි …විනාඩි දෙකකට එක් අයෙකු මැරෙනවා – රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය

editor

editor

Next Post

එපිසිලෝන් භායනකයි ...විනාඩි දෙකකට එක් අයෙකු මැරෙනවා - රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved