ලංකා සතොස ආයතනය විසින් පාරිභෝගිකයන් වෙත සහනයක් ලබා දෙමින් අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය 9ක මිල ගණන් පහත දැමීමට පියවර ගෙන තිබේ. වෙළෙඳ අමාත්‍යාංශය නිවේදනය කරන පරිදි, පොන්නි සම්බා, රතු කැකුළු සම්බා, දේශීය සම්බා, දේශීය සුදු නාඩු, සුදු කැකුළු, සුදු කැකුළු සම්බා, පාන් පිටි, කඩල සහ සීනි යන භාණ්ඩවල මිල මෙලෙස අඩු කර ඇත.
මිල ගණන් ඉහළ ගොස් ඇති වකවානුවක ලැබෙන මෙම සහනය පාරිභෝගිකයන්ට මහත් අස්වැසිල්ලක් වනු ඇත.
















