27 April 2024
#දේශීය

රට ඉල්ලා සිටින වගකීම සහ යුතුකම ඉටු කරමු – රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් 

සමාජීය හා දේශපාලනික වශයෙන් අතිශය අභියෝගාත්මක කාල පරිච්ඡේදයක රජයේ නිල ස්ථාවරය ජනතාව අතරට නිවැරදිව ගෙන යාම සහ රාජකාරිය කාර්යක්ෂමව ඉටු කිරීම රජයේ  සේවකයින්ගේ ප්‍රමුඛතම කාර්යභාරය විය යුතු බව රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් දිනිත් චින්තක කරුණාරත්න මහතා පවසයි.

රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂවරයා මේ බව පැවසුවේ අද (02) නව වසර සඳහා රාජකාරි කටයුතු ආරම්භ කිරිමේ අවස්ථාවට එක්වෙමිනි.

රජයේ නිල ස්ථාවරය රටට ප්‍රකාශ කිරීමේ ජාතික වගකීම ඉටු කරන රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව ඊට අදාළ තොරතුරු හා ප්‍රවෘත්ති පසුගිය සමයේ ප්‍රශස්ථ ලෙස ජනතාව අතරට සන්නිවේදනය කිරීමට සමත් වූ අතර එය වඩාත් ශක්තිමත්ව ඉදිරියට ගෙන යාම සඳහා සියලු දෙනාගේ කාර්යක්ෂම මැදිහත්වීම සහ සහයෝගය අත්‍යවශ්‍ය බව ද අධ්‍යක්ෂ ජනරාල්වරයා වැඩිදුරටත් සඳහන් කළේය.

මේ දුෂ්කර මොහොතේ මාතෘ භූමිය ඉල්ලා සිටින යුතුකම හා වගකීම ඉටු කිරීම‌ට සාමූහික ප්‍රයත්නයක නිරත වන ලෙස තමා ඉතා ඕනෑකමකින් සියලු දෙනාගෙන් ඉල්ලා සිටින බව ද අධ්‍යක්ෂ ජනරාල්වරයා වැඩිදුරටත් සඳහන් කළේය.

Leave a comment

Your email address will not be published. Required fields are marked *