ශ්‍රී ලංකා යුද හමුදාවේ 26 වැනි යුද හමුදාපතිවරයා ලෙස පත්වූ ලුතිනන් ජෙනරාල් නිලන්ත ප්‍රේමරත්න මහතා අරලියගහ මන්දිරයේදී අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය හමුවී තිබේ. යුද හමුදාපති ධුරයේ වැඩ භාරගැනීමෙන් අනතුරුව අග්‍රාමාත්‍යවරිය නිල වශයෙන් හමුවූ පළමු අවස්ථාව මෙය වේ.
හමුදාපති ධුරයේ වැඩ භාරගැනීමෙන් පසු අග්‍රාමාත්‍යවරිය හමුවීමේ සම්ප්‍රදායට අනුව අරලියගහ මන්දිරයට පැමිණි යුද හමුදාපතිවරයා සහ අග්‍රාමාත්‍යවරිය අතර සම්ප්‍රදායානුකූල සමරු තිළිණ හුවමාරුවක්ද මෙහිදී සිදු විය. නව යුද හමුදාපතිවරයා ලෙස පත්වූ ලුතිනන් ජෙනරාල් නිලන්ත ප්‍රේමරත්න මහතාට අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය සිය උණුසුම් සුබපැතුම් පිරිනැමූ බව අග්‍රාමාත්‍ය කාර්යාලය සඳහන් කරයි.














