මෙරට කලාකරුවන්ගේ නිර්මාණශීලී කටයුතු ප්‍රවර්ධනය කිරීම, ඔවුන්ට විවේකීව අදහස් හුවමාරු කර ගැනීමට ඉඩ ප්‍රස්ථාව සැලසීම සහ සහෝදර කලාකරුවන් සමඟ සන්නිවේදනය සඳහා නව පරිශ්‍රයක් මාදිවෙල ප්‍රදේශයේ ඉදිකිරීමට සැලසුම් කර තිබේ. මෙම “කලාකරු නිකේතනය” ඉදිකිරීමට නියමිත සංස්කෘතික මධ්‍යස්ථාන පරිශ්‍රය නිරීක්ෂණය කිරීම සඳහා බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය ආචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි මහතා පසුගිය 12 වන දින සහභාගී විය.
දුර බැහැර පළාත්වල සිට කොළඹට පැමිණෙන කලාකරුවන්ට ඔවුන්ගේ නිර්මාණ කටයුතු සඳහා අවශ්‍ය ගුණාත්මක නවාතැන් පහසුකම් සලසා දීම මෙම ව්‍යාපෘතියේ ප්‍රධානතම අරමුණයි. කලාකරුවන්ට කේන්ද්‍රීය ස්ථානයක පහසුවෙන් රැඳී සිටිමින් සිය නිර්මාණ කාර්යයන්හි නිරත වීමට මෙමගින් විශාල පිටුවහලක් ලැබෙනු ඇතැයි අපේක්ෂා කෙරේ.
මෙම නිරීක්ෂණ චාරිකාව සඳහා ශ්‍රී ලංකා කලා මණ්ඩලයේ සභාපති කීර්ති වැලිසරගේ මහතා, ප්‍රවීණ රංගන ශිල්පී මහින්ද පතිරගේ මහතා, දෘශ්‍ය කලා අනුමණ්ඩලයේ සභාපති ප්‍රගීත් රත්නායක මහතා සහ සාහිත්‍යවේදී කෞශල්‍ය කුමාරසිංහ මහතා ඇතුළු කලාකරුවෝ රැසක් එක්ව සිටියහ. අමාත්‍යාංශය නියෝජනය කරමින් අතිරේක ලේකම් ධම්මිකා විජේසිංහ මහත්මිය සහ අධ්‍යක්ෂ ආචාර්ය ප්‍රසාද් රණසිංහ මහතා ඇතුළු රාජ්‍ය නිලධාරීන් පිරිසක් ද මෙම අවස්ථාවට සහභාගී වූහ.
















