මහර බන්ධනාගාරය තුළ අද (01) පස්වරුවේ ඇති වූ ගැටුම්කාරී තත්ත්වය හේතුවෙන් සාමය ආරක්ෂා කර ගැනීමේ අරමුණින් රාගම පොලිස් බල ප්‍රදේශයට අයත් බන්ධනාගාරය අවට ග්‍රාමසේවා වසම් තුනක් සඳහා නැවත දැනුම්දෙනතුරු වහාම ක්‍රියාත්මක වන පරිදි පොලිස් ඇඳිරි නීතිය පනවා තිබේ.
ඒ අනුව 246/කැන්දලියද්ද පාර – බටහිර, 246/සී කැන්දලියද්ද පාර – උතුර සහ 181/ජී දඹුව යන ග්‍රාමසේවා වසම් සඳහා මෙම පොලිස් ඇඳිරි නීතිය බලපැවැත්වෙන අතර, ප්‍රදේශයේ ආරක්ෂාව තවදුරටත් දැඩි කර ඇත.
















