• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

මහින්ද තාම පාඩමක් ඉගෙන ගෙන නෑ

19 July 2018
in ක්‍රීඩා

මහින්ද මහත්තයා තාමත් පාඩමක් ඉගෙන ගෙන නොමැති බවත් එදා අපි රාජපක්ෂ කෙනෙක් එපා කියලා කිව්වේ පුද්ගලික තරහකට, වෛරයකට නොවන බවත් රට පවුලකට දෙන්න පුලුවන්කමක් නොමැතිකම නිසාාවෙන් බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ජාතික සංවිධායක අමාත්‍යය දුමින්ද දිසානායක මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ප්‍රතිසංවිධාන වැඩසහන වැඩසටහන යටතේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සේරුවිල මැතිවරණ බල ප්‍රදේශයේ බල මණ්ඩල පිහිටුවීමේ වැඩසටහනට එක්වෙමින්.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍ය දුමින්ද දිසානායක මහතා, ” ඒ විතරක් නෙමෙයි හැමදාමත් ඒ අය කථා කරන්නේ පවුල ගැන විතරයි.පවුලෙන් පිට දෙයක් නෑ, එදා අපි පවුල් වාදයට විරුද්ධ වුණා, අදත් හැබැයි කථා කරන්නේ පවුල ගැන නේද? ඊළඟ ජනාධිපති අපේක්ෂකයෝ ගැන කථා කරද්දී කථා කරන්නේ බැසිල් රාජපක්ෂ, ගෝඨාභය රාජපක්ෂ ගැන.තවත් රාජපක්ෂ කෙනෙක් තමයි ගේන්න යන්නේ.ඒ කියන්නේ 2015 ජනවාරී මාසේ 08 වැනිදා පාඩමක් ඉගෙන ගෙන නෑ කියලා තමයි ඒකෙන් පේන්නේ.එදා අපි රාජපක්ෂ කෙනෙක් එපා කියලා කිව්වේ පුද්ගලික තරහකට, වෛරයකට නෙමෙයි.මේ රට පවුලකට දෙන්න පුලුවන්කමක් නෑ.මේ රට පවුලකට අයිති වස්තුවක් නෙමෙයි.මේ රට පවුලක් පාලනය කරන්න, පවුලක් අතේ තියාගෙන හුරතල් කරන්න හැදිච්ච රටක් නෙමෙයි.අපි එදා විරුද්ධ වුණේ පුද්ගලිකව නෙමෙයි.මෙන්න මේ කියන පොදු කාරණාවත් එක්ක.හැබැයි අවුරුදු 3 ½ ක් ගිහිල්ලත් තාමත් කථා කරන්නේ රාජපක්ෂ කෙනෙක් ගැන නම් අපේ සටන තාමත් ඉවර නෑ. 2020දීත් අපේ සටන නැවත දියත් කරන්න වෙනවා.ඒ පවුල්වාදය නැවත වථාවක් පාගන්න විනාශ කරමින් රටක් වශයෙන් ඉස්සරහට යන්න පුලුවන් නායකයෙක් සමගින් ඒ අරගලය කරන්න අපිට සිද්ධ වෙලා තියෙනවා.මේ රටේ අපිට ඕන හිට්ලර් කෙනෙක් නෙමෙයි, මනුශ්‍යත්වය තියෙන නායකයෙක් ඕන.අපිට ඕන මනුෂ්‍යත්වය තියෙන, මනුස්සකම හදුනන, දුක තේරෙන, හොරකම, වංචාව ,දූෂණයට එරෙහි වෙන මේ රටට ආදරය කරන අපේ දරුවන්ගේ ආනගතය සුභවාදී කරන නායකයෙක් අපිට ඕන කරන්නේ. මීනී මරන්නේ නැති, වංචාව දූෂණය නැති රටක් අපිට ඕන කරන්නේ.එහෙම රටක් බිහි කරන්න පුළුවන් එකම නායකයා මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමන්.රටක් පතන්න ඕන රටට ආදරය කරන නායකයෙක් මිසක්, රටේ සම්පත් හූරා කන තමන්ගේ දේවල් වෙනුවෙන් රට විකුණන්න හරි මිනිස්සු පාවාදෙන්න හරි කටයුතු කරන නායකයෙක් නෙමෙයි අපිට අවශ්‍ය්‍ය කරන්නේ ” යැයි අමාත්‍යවරයා පැවසීය.

 

Post Views: 11
Previous Post

වංචා කරලා නැත්නම් බය වෙන්න දෙයක් නෑ

Next Post

කොලේ වහලා ගහන්නේ නෑ

editor

editor

Next Post

කොලේ වහලා ගහන්නේ නෑ

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved