• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

හරිත ආර්ථිකයට ඇතුළුවන කලාපයේ පළමු රට බවට ශ්‍රී ලංකාව පත් කරනවා – ජනපති

28 March 2023
in දේශීය
0
SHARES
3
VIEWS
Share on FacebookShare on Twitter

හරිත ආර්ථිකයකට ඇතුළු වන කලාපයේ පළමු රට ලෙස ශ්‍රී ලංකාවට හරිත ආර්ථික ප්‍රතිපත්තියක් ඉදිරි මාස දෙක තුළ හඳුන්වාදෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ ශ්‍රී ලංකා හරිත බලශක්ති සමුළුව සඳහා සහභාගීවීමට මෙරටට පැමිණි ආයෝජකයන් සමඟ ඊයේ (27) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති හමුව අමතමිනි.

තේ අපනයනයෙන් ශ්‍රී ලංකාව පළමු ස්ථානයට පැමිණි අයුරින්, හරිත ආර්ථික ප්‍රතිපත්තියෙන් ද ශ්‍රී ලංකාව පළමු තැනට ගෙන ඒම සිය අපේක්ෂාව බව ජනාධිපතිවරයා සඳහන් කළේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා “හරිත බලශක්ති සමුළුවට පැමිණි ඔබ සියළු දෙනා මම සාදරයෙන් පිළිගන්නවා. ඒ වගේම ඔබලාගේ ආයෝජන අවශ්‍යතාවයන් සපුරාලීම සඳහා වන පහසුකම් ලබාදීමට මම එකඟ වෙනවා. ශ්‍රී ලංකාවට ප්‍රධාන ගැටළු දෙකක් තිබෙනවා. ඉන් එකක් ණය ප්‍රතිව්‍යුහගත කිරීම. අනෙක හරිත බලශක්තිය සඳහා රට යොමු කිරීමයි.ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලිය මේ වන විට සිදුවෙමින් පවතිනවා. රට තුළ හරිත ආර්ථිකයක් ගොඩනැගීමට අපි කඩිනමින් කටයුතු කළ යුතුයි. හරිත ආර්ථිකයක් සඳහා යොමුවීමට ශ්‍රී ලංකාවට සෑම සුදුසුකමක් ම තිබෙනවා. මොකද ශ්‍රී ලංකාව තුළ සූර්ය බලශක්තිය, සුළං බලශක්තිය, බයෝ ගෑස්, මෙන්ම මුහුදු රළ උපයෝගී කරගනිමින් බලශක්තිය නිපදවීමට හැකියාව තිබෙනවා. එම නිසා ආර්ථිකය ගොඩනැංවීමේ ප්‍රධාන විභවය ලෙස හරිත ආර්ථිකය හඳුන්වා දිය හැකියි. ඒ සඳහා මෙම සමුළුවට පැමිණි දේශීය මෙන්ම විදේශීය ආයෝජකයන්ට පහසුකම් සලසා දීමේ වගකීම මම භාර ගන්නවා. ඉදිරි මාස දෙක තුළ හරිත ආර්ථික ප්‍රතිපත්තියක් හඳුන්වා දීමට සලසුම් කර තිබෙනවා. එය කලාපයේ පළමු හරිත ආර්ථික ප්‍රතිපත්තිය ලෙස හැඳින්විය හැකියි. මෙමඟින් ආයෝජකයන්ට නෛතිකභාවයක් ලැබෙනවා මෙන්ම ඔවුන්ගේ පහසුකම් සපයා දීමට ආණ්ඩුව ද වගකීමකින් බැඳෙනවා. මෙය කෙටිකාලීන වැඩපිළිවෙළක් නොවෙයි. මෙය දිගුකාලීන වැඩපිළිවෙළක්. ඒ නිසා මේ සඳහා නීතිමය රාමුවක් සකස් කිරීමට අවශ්‍යයි. ඒ සඳහා කඩිනමින් නීති සම්පාදනය කිරීමටත් බලාපොරොත්තු වෙනවා. හරිත ආර්ථීකයෙන් රට ගොඩගැනීමට ආයෝජකයන් ලෙස පැමිණී ඔබ මම නැවතත් මහත් ගෞරවයෙන් යුතුව පිළිගන්නවා. ඒ වගේම මම ඔබලාට ස්තුතිවන්ත වෙන්නත් කැමතියි. අපේ රට තේ වලින් ලෝකයේ පළමු රට බවට පත් වූවා සේම, හරිත ආර්ථිකයෙන් ලෝකයේ පළමු තැනට ගෙන ඒමට බලාපොරොත්තු වෙනවා. ශ්‍රී ලංකාව මෙම ක්ෂේත්‍රය තුළ ආසියාවේ පළමුවැන්නා වීමට හේතු වන්නේ අපගේ ස්වාභාවික සම්පත් භාවිතා කිරීමට හැකි වීම නිසයි. ඔබ සැම හරිත බලශක්ති ව්‍යාපෘති සඳහා ආයෝජන කිරීමේ අත්දැකීම් ඇති අයයි. පුනර්ජනනීය බලශක්තියෙන් පමණක් නොව, දකුණු ඉන්දියාවේ සහයෝගීතාව හරහා, ඉන්දියාවේ සිට කෙලින්ම ත්‍රිකුණාමලයට තෙල් නළය ගෙන ඒම ගැන අපි දැනටමත් සාකච්ඡා කර තිබෙනවා. ත්‍රිකුණාමලය හරිත හයිඩ්‍රජන් සඳහා විභව වරායක් ලෙස ද අපි හඳුනාගෙන තිබෙනවා. එය ශ්‍රී ලංකාවේ හරිත හයිඩ්‍රජන්, පුනර්ජනනීය බලශක්ති, සුළං බලයෙන් වැඩි ප්‍රමාණයක් ඇති උතුරට ආසන්නතම වරායයි. ඉතින් මේ සියල්ලෙන් අදහස් කරන්නේ සංවර්ධනය සහ සංවර්ධන අවස්ථා, මඟින් ශ්‍රී ලංකා ආර්ථිකය පුළුල් වන බවයි. ඒ සමඟම ඔබ මුදල් ආයෝජනය කරන අතර ඔබේ ආයෝජනයට හොඳ ප්‍රතිලාභයක් හිමි වනු ඇත. ශ්‍රී ලංකා හරිත බලශක්ති සමුළුවට සහභාගි වීමට පැමිණි තමන්ට ලබාදුන් සත්කාරය පිළිබඳ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත ස්තූතිය පළ කළ ආයෝජකයෝ හරිත ආර්ථික ක්ෂේත්‍රයේ ආයෝජනය සඳහා ඉදිරියේදී නැවත ශ්‍රී ලංකාවට පැමිණීමට අපේක්ෂා කරන බව යැයි ජනාධිපතිවරයාකියා සිටියහ.

විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්‍රි, විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර, පරිසර අමාත්‍ය නසීර් අහමඩ්, රාජ්‍ය අමාත්‍යවරුන් වන දිලුම් අමුණුගම , දේශගුණික විපර්යාස පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක රුවන් විජයවර්ධන, ජනාධිපති ජාත්‍යන්තර දේශගුණික උපදේශක එරික් සෝල්හයිම් , පරිසර අමාත්‍යාංශයේ ලේකම් වෛද්‍ය අනිල් ජාසිංහ යන මහත්තුරු ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

Post Views: 13
Previous Post

රනිල් ඡන්දය කඩාකප්පල් කලා – අනුර දිසානායක

Next Post

කොන්ක්‍රිටි වහලට මත සකස් කල ගෙවත්තක් මධ්‍යම පළාතේ ආණ්ඩුකාරවරයාගේ නිරික්ෂණයට

editor

editor

Next Post

කොන්ක්‍රිටි වහලට මත සකස් කල ගෙවත්තක් මධ්‍යම පළාතේ ආණ්ඩුකාරවරයාගේ නිරික්ෂණයට

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
මෙක්සිකෝවේ ප්‍රාන්ත ගණනාවක ආරක්ෂක ස්ථාන ඉලක්ක කර පාතාල ප්‍රහාර මාලාවක්

මෙක්සිකෝවේ ප්‍රාන්ත ගණනාවක ආරක්ෂක ස්ථාන ඉලක්ක කර පාතාල ප්‍රහාර මාලාවක්

1 September 2026
නෝර්වේ වැසියන්ගේ ගෞරවාදරය මැද VIII වන හකොන් රජු රාජකීය ධුරයේ වැඩ භාරගනී

නෝර්වේ වැසියන්ගේ ගෞරවාදරය මැද VIII වන හකොන් රජු රාජකීය ධුරයේ වැඩ භාරගනී

1 September 2026
දකුණේ පාතාලය රජකරන දෙහිබාලේ මල්ලිගේ බාල සහෝදරයා කළු මල්ලි ඩුබායිහිදී අත්අඩංගුවට

දකුණේ පාතාලය රජකරන දෙහිබාලේ මල්ලිගේ බාල සහෝදරයා කළු මල්ලි ඩුබායිහිදී අත්අඩංගුවට

1 September 2026
යුක්‍රේනයේ ඔඩෙසා වරාය සහ රුමේනියානු දේශසීමා පර්යන්තයට රුසියාවෙන් දැවැන්ත ගුවන් ප්‍රහාර

යුක්‍රේනයේ ඔඩෙසා වරාය සහ රුමේනියානු දේශසීමා පර්යන්තයට රුසියාවෙන් දැවැන්ත ගුවන් ප්‍රහාර

1 September 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

පමුණුගමදී රළ පහරට හසුවූ දරුවන් තිදෙනාගේ සහ මවගේ සිරුරු සොයාගැනේ

පමුණුගමදී රළ පහරට හසුවූ දරුවන් තිදෙනාගේ සහ මවගේ සිරුරු සොයාගැනේ

31 August 2026
හෝර්ටන් තැන්නේ  පාරිසරික ආරක්ෂාවට  දිනපතා ඇතුළු වන සංචාරකයින් ගණන  සීමා කෙරෙයි

හෝර්ටන් තැන්නේ පාරිසරික ආරක්ෂාවට දිනපතා ඇතුළු වන සංචාරකයින් ගණන සීමා කෙරෙයි

31 August 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved