27 April 2024
#දේශීය

කොන්ක්‍රිටි වහලට මත සකස් කල ගෙවත්තක් මධ්‍යම පළාතේ ආණ්ඩුකාරවරයාගේ නිරික්ෂණයට

මාතලේ ඩොලේ පාරේ ඉතා කුඩා බිම් කොටසක තවමත් ඉදිකිරීම් නිම කොට නැති තෙමහල් නිවසක උඩු මහලේ කොන්ක්‍රීට් වහල මත විවෘත භූමියක පවත්වා ගෙන අපුර්ව ගෙවත්තක් නිරික්ෂණය කිරිමට මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර නිතිඥ ලලිත් යු ගමගේ මහතා එක් විය.

එම ගෙවත්තේ හිමිකරු වන්නේ මධ්‍යම පළාත් නියෝජ්‍ය අධ්‍යාපන අධ්‍යක්ෂ(මුස්ලිම්) උනයිස් මොහොමඩ් ආරිෆ් මහතාය.

මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර නිතීඥ ලලිත් යු ගමගේ මහතා ගලේවෙල අධ්‍යාපන කලාපයේ පාසල් කිහිපයක ගොස් නැවත එමින් සිටියදි ආරිෆ් මහතා සිදු කළ කෙටි ආරාධනය සුහදව පිළිබත් ආණ්ඩුකාරවයා මෙම ගෙවත්ත නිරික්ෂනය කිරිම සදහා පැමිණයේය.

මෙම ගෙවත්තේ දෙස් විදෙස් දුර්ලභ පලතුරු වර්ග දෙසියයකට වැඩි ගණනක්, ඌන භාවිත පලතුරු සහ රසකාරක වර්ග ගණනාවකින් සමන්විත වර්ග 300 කට ආසන්න ප්‍රමාණයකින් පොහොසත් බිමකි. මේ සියල්ල වැඩි දියුණු කල දෙමුහුන් ක්‍රමයක ට සකස් කොට ඇති අතර මේ තුළින් . ඉතා ඉහල ඵලදාවක් ලබා ගන්නා බවද අධ්‍යක්ෂවරයා පැවසිය.

එක ශාකයක වර්ග කිහිපයක් බද්ධ කොට තිබීම ද විශේෂත්වයකි. ඒවා ඕනෑම කාලගුණික සහ දේශගුණික වෙනස් වීම වලට ඔරොත්තු දිය හැකි වන පරිදි අනුවර්තනය වී ඇත. උද්භිත විද්‍යාව හදාරන විවිධ විද්‍යාර්ථින් , පාසල් දරුවන් , පරිසර ගවේෂකයන් මෙම වගාව පිළිබද තොරතුරු අධ්‍යයනය සදහා තම ගෙවත්තට පැමිණෙන බවද පැවසිය.

පරිසර හිතකාමීයෙක් මෙන් ම ගවේශකයෙකු ද වන උනයිස් මහතා උදේ සවස වගාවට සාත්තු කරන අතර සිය විවේකය මේ පරිසරයේ ගත කරන අතර ඉන් ලබන තෘප්තිය සිය ජිවිතයේ සාර්ථකත්වයට හේතු පාදක වන බව ට විශ්වාස කරන බවද හෙතෙම පැවසිය.

වගාවට 80% ක් ම භාවිතයට ගනු ලබන්නේ කාබණික පොහොර වේ. විවිධ පේර, වෙරළු, අඹ, දෙළුම් , විචිත්‍ර පත්‍ර දොඩම් ,උගුරැස්ස , සැපදිල්ලා, ගඩුගුඩා, ලොවි , ගල් සියඹලා ඇතුළු සැම පළතුරක් ම මේ බිමේ දී දැකගත හැකිවේ.

විශේෂ කෙසල් වර්ග, ඩ්‍රැගන් පෘට් වර්ග, මසං වර්ග, මාදං වර්ග, දෙළුම් වර්ග, ෆිග් (අත්තික්කා) වර්ග ගණනාවකි. ඒවා දේශීය මෙන්ම තායිලන්ත/ බැංකොක්, ඉන්දීය , පකිස්තාන් , තූර්කිය, බ්‍රසීලය ඇතුළු විවිධ රටවල විශේෂයන් හා බද්ධ කොට සංවර්ධනය කල විශේෂ වේ. කොන්ක්‍රීට් වහල මත වසර 10 ක පමණ කාලයක් පවත්වා ගෙන යන මෙම වගාවෙන් ආදායමක් අපේක්ෂා නොකරන ඔහු නිවෙසියන් ට වස විසෙන් තොර නැවුම් පලතුරු ආහාරයට ලබා දීම තුලින් නිරෝගිමත් ව ජීවත් කරවීම අපේක්ෂාවයි. තම විවේකය වගා කටයුතු සමග ගෙවීමෙන් සහ එහි ඵලදාව ලැබීමෙන් තමා ලබන්නේ අධ්‍යාත්මික සතුටක් බවත් , පවුලේ සියලු දෙනා ලබා දෙන්නේ මහගු සහයක් බවත් උනයිස් මහතා පවසන්නේ මහත් ආඩම්බරයෙනි .

මාතලේ මහේෂ් කිර්තිරත්න

Leave a comment

Your email address will not be published. Required fields are marked *