සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ පුද්ගලයෙකුට පහරදීමේ සිද්ධියකට සම්බන්ධ සැකකරුවන් 05 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. පොසොන් පොහොය දින මාලබේ නගරයේ පැවති දන්සලක් අසලදී තරුණයකුට පිරිසක් විසින් අතින් පයින් සහ ආරක්ෂක හිස්‌වැසුම් වලින් පහර දෙන අයුරු දැක්වෙන වීඩියෝවක් සමාජ මාධ්‍යයේ සංසරණය විය.
පසුගිය (30) වන දින මාලබේ පොලිස් ස්ථානයට ලද පැමිණිල්ලකට අනුව සිදුකළ විමර්ශනවලදී මෙම සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත. ඔවුන් අවුරුදු 16 සහ 17 යන වයස්වල පසුවන කඩුවෙල ප්‍රදේශයේ පදිංචිකරුවන් වේ. මාලබේ නගරයේ පැවති බත් දන්සලක පෝලිමක සිටි අයෙකුට, එම පෝලිමට පිටතින් ඇතුළු වීමට උත්සාහ කළ පුද්ගලයින් දෙදෙනෙකු විරුද්ධ වීම හේතුවෙන් මෙම ගැටුම හටගෙන ඇති බව මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත.
අත්අඩංගුවට ගත් සැකකරුවන් අද (01) දින කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය. සිද්ධියට සම්බන්ධ අනෙක් සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා මාලබේ පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.
















