මල්වතුහිරිපිටිය පොලිස් ස්ථානයේ සැරයන්වරයෙකු විසින් සැකපිට අත්අඩංගුවට ගත් පුද්ගලයෙකු ඇප මත මුදාහැරීම සඳහා අල්ලසක් ඉල්ලා සිටින ආකාරය දැක්වෙන වීඩියෝවක් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වෙමින් පවතී.
2026 සැප්තැම්බර් 26 වන දින රාත්‍රියේ අත්අඩංගුවට ගත් එම පුද්ගලයා පසුදින ඇප මත මුදාහැරීමට අදාළව මෙම අල්ලස් ඉල්ලීම සිදුකර ඇති බවට චෝදනා එල්ල වී තිබේ.
සිද්ධිය සම්බන්ධයෙන් ගම්පහ සහකාර පොලිස් අධිකාරී (04) මහතා යටතේ සිදුකළ විමර්ශනයේදී අනාවරණය වූ කරුණු මත අදාළ පොලිස් සැරයන්වරයාගේ වැඩතහනම් කිරීමට කටයුතු කර ඇත.
මේ අතර සිද්ධිය සම්බන්ධයෙන් ගම්පහ පොලිස් කොට්ඨාසය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා යටතේ තවදුරටත් මූලික විමර්ශනයක් ක්‍රියාත්මක බව පොලීසිය සඳහන් කරයි.















