ව්‍යවස්ථා සංශෝධනයක් යනු මෙලෙස හඩිමුඩියේ සිදු නොකළ යුතු දෙයක් බවත්, 22 වන සංශෝධනය ගෙන එන්නේ කුමන අරමුණක් වෙනුවෙන්ද යන්න රටේ කුඩා දරුවෙකුට පවා තේරෙන බවත් හිටපු අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා පවසයි.
තේරුම් ගැනීමට උවමනාවක් නැති පිරිසට හැර අනෙක් සියලු දෙනාටම මෙහි යටි අරමුණ පැහැදිලි බව පැවසූ ඔහු, ජනතාව ඉල්ලූ වෙනස දැන් ලැබී ඇති බැවින් “දැන් ජනතාවට හරිම ෂෝක්” යනුවෙන් උපහාසාත්මකව සඳහන් කළේය.













