රට තුළ දිගුකාලීනව පවතින පටු සහ කුහක දේශපාලන සංස්කෘතිය සම්පූර්ණයෙන්ම වෙනස් විය යුතු බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා අවධාරණය කරයි.
ශ්‍රී ලංකාව මුහුණ දී ඇති ආර්ථික හා සමාජීය අභියෝග ජය ගැනීම සඳහා පක්ෂ පාට භේදවලින් තොරව සියලු දෙනා එකතු විය යුතු බවත්, පෞද්ගලික වාසි මත පදනම් වූ පටු දේශපාලන ක්‍රමවේදයෙන් බැහැරව ජනතා හිතවාදී නව ගමනක් යා යුතු බවත් ඔහු පෙන්වා දෙයි.
ජනතාව අපේක්ෂා කරන සැබෑ සංවර්ධනය සහ ස්ථාවරත්වය ළඟා කර ගැනීම සඳහා සාම්ප්‍රදායික දේශපාලන රාමුවෙන් ඔබ්ට යා යුතු අතර, රටේ අනාගත පරපුර වෙනුවෙන් විනිවිදභාවයෙන් යුත්, වඩාත් යහපත් දේශපාලන ක්‍රමයක් නිර්මාණය කිරීම සියලු දේශපාලනධාරීන්ගේ මෙන්ම පුරවැසියන්ගේ ද වගකීමකි. පටු දේශපාලන අරමුණු පසෙකලා රටේ පොදු අරමුණු වෙනුවෙන් කැපවීමේ වැදගත්කම මෙහිදී වැඩිදුරටත් පෙන්වා දී ඇත.













