• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

අද ගොඩක් අයට අමතකයි – ඇමැතිනි තලතා

6 June 2018
in ක්‍රීඩා
අද ගොඩක් අයට අමතකයි – ඇමැතිනි තලතා

සමහර අයට 2015 ජනවාරි 08 වැනිදාට පෙර මේ රටේ තිබුණු තත්වය අමතක වී තිබෙන බවත් ජනාධිපති මන්දිරයේ ඉදලා විනිශ්චයකාරවරුන්ට නියෝග දුන් කාලයක් තිබුණ බව අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය නිතීඥ තලතා අතුකෝරළ මහත්මිය පවසයි.

අමාත්‍යවරිය රත්නපුර ප්‍රදේශයේ පැවති උත්සවයකට එක්වෙමින් කියා සිටියේ සමහරු බුදු දහමට නිසි තැනක් නැහැ කියලා බොරු පතුරන බවයි.

එහිදි අමාත්‍යවරිය මෙසේ අදහස් පල කර සිටියේය “ අද කිසි කෙනෙකුට චෝදනා කරන්න බැහැ අධිකරණය මෙහෙය වන්නේ මේ රටේ ජනාධිපති කියලා. ඒ කාලේ අපි දැක්කා රටේ ජනාධිපති මන්දිරයේ ඉදලා විනිශ්චයකාරවරුන්ට නියෝග ලැබුණ කියලා. ඒවා අද සමහර අයට අමතක වෙලා තිබෙනවා.ඒවාගේ ප්‍රතිඵලයක් විදිහට පුදුම විදිහේ පාතාලයක් මේ රටේ බිහි වුණා . කාර් හොරකම් කරන පාතාලයක් බිහි වුණා.මත් ද්‍රව්‍ය වලින් පිරුණු මිනීමරුවන් රජ කරන පාතාලයක් මේ රට තුළ බිහි වුණා.ඒ පාතාලය මේ රටේ අහිංසක මිනිස්සු දුක් විදලා අමාරුවෙන් හම්බ කරපු ගෙවල් දොරවල් මං කොල්ල කන පාතාලයක් වුණා.ඒක එදා රටක් විදිහට අපි මුහුණ දුන් අභියෝගයක් බවට පත් වුණා.මෙතන ඉන්න ඔබ සියලු දෙනාම බලාපොරොත්තු වන්නේ අපේ දරුවන්ට යහපත් අනාගතයක් ස්ථාපිත කරන්නේ කොහොම ද කියලා. ඒ කාලයේ සූරිය වැව ප්‍රදේශයේ කළ ද්විත්ව ඝාතනයක් හේතුවෙන් හිටපු OIC වරයෙකුට නීතිපතිවරයාත් අධි චෝදනා ගොනු කර තිබුණා.ඒ තිබියදීත් ඒ කාලේ තිබුණු රාජ නියෝගය අනුව එම චෝදනා අයින් කරලා ඔහු ගෙනල්ලා මොරටුව පොලිස් ස්ථානාධිපති කළා. අවසාන ප්‍රතිඵලය වුණේ අගුලානේ අහිංසක තරුණයන් දෙදෙනෙක් ඝාතනය කරලා ඒ අයට යන්න තිබුණු තැනට යන්න වුණා ඒ වගේ කාලයක් මේ අධිකරණ පද්ධතියේ තිබුණා. සමහර අයට 2015 ජනවාරි 08 ට පෙර තිබුණු තත්වය අමතක වී තිබෙනවා. යැයි අමාත්‍යවරිය කියා සිටියාය.

 

 

Post Views: 12
Previous Post

කලණ මිතුරු පොත් සුමිතුරු – ජාතික වැඩසටහන ඇරඹේ

Next Post

නවක වදය අතුගා දැමීමක්

editor

editor

Next Post

නවක වදය අතුගා දැමීමක්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved