• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

බෝ නොවන රෝග සහ මාර්ග අනතුරුවලින් මෙරට වටිනා මිනිස් ජීවිත රැසක් අහිමි වෙනවා – ඇමැති රමේෂ්

11 January 2024
in දේශීය, පුවත්
බෝ නොවන රෝග සහ මාර්ග අනතුරුවලින් මෙරට වටිනා මිනිස් ජීවිත රැසක් අහිමි වෙනවා – ඇමැති රමේෂ්

45බෝ නොවන රෝග මෙන්ම මාර්ග අනතුරු වලින් මෙරට වටිනා මිනිස් ජීවිත ලක්ෂ ගනණක් වාර්ෂිකව දැයට අහිමි වන බවත් එම වටිනා මිනිස් ජීවිත ආරක්ෂා කර ගැනීම සදහා ජනප්‍රිය නොවන තීන්දු තීරණ ගැනීමට තමන් නොපැකිළිව කටයුතු කරන බව සෞඛ්‍ය හා කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව අවධාරණය කරන ලද්දේ අද (10)දින රැස්වනු බෝ නොවන රෝග පිළිබද ජාතික කවුන්සිලයේදී අදහස් දක්වමින්ය.

බෝ නොවන රෝග පිළිබද ජාතික කවුන්සිලය අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතාගේ ප්‍රධානත්ව‌යෙන් සෞඛ්‍ය අමාත්‍යංශයේ දී රැස්වුනු අතර වත්මන් සෞඛ්‍ය අමාත්‍යවරයා සෞඛ්‍ය අමාත්‍යංශයේ වැඩ භාර ගැනීමෙන් අනතුරුව පවත්වනු ලැබූ පලමු කවුන්සිලය මෙය වන අතර සෑම වසරකටම දෙවතාවක් (මාස 6 කට වරක්) සෞඛ්‍ය අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් මෙය පවත්වනු ලබයි.

බෝ නොවන රෝග පිළිබද ජාතික කවුන්සිලය 2017 වසරේ පිහිටුවනු ලැබු අතර එහි සභාපතිධුරය සෞඛ්‍ය අමාත්‍යවරයා විසින් දරන අතර එහි උපදේශකත්වය බෝ නොවන රෝග පිළිබද ජාතික කවුන්සිලය විසින් හොබවනු ලබයි.

මෙහිදී ශ්‍රී ලංකාවේ නිදන්ගත බෝ නොවන රෝග වැලැක්වීම සහ පාලනය කිරීම සදහා වන සංශෝධිත ජාතික ප්‍රතිපත්තිය සහ උපාය මාර්ගික රාමුව (2023 – 2033), නිදන්ගත බෝ නොවන රෝග වැලැක්වීම සහ පාලනය සදහා වන ජාතික බහු ආංශික ක්‍රියාකාරී සැලැස්ම (2023 – 2027) සහ බෝ නොවන රෝග අවදානම් සාධක සමීක්ෂණය (STEPS) 2021 වාර්තාව එළිදැක්විම ද සිදුවිය.

බෝ නොවන රෝග පාලනය සදහා සිදු කල හා දැනට සිදු කරන මෙන්ම ඉදිරි ක්‍රියාකාරකම්,යෝජනා, අදහස් සාකච්ජාවට හා සමාලෝචනයට ලක් කිරීම මෙහිදී සිදුවිය.

මෙරට ජනතාව තුළ සීනි, ලුණු, තෙල් සහිත ආහාර අනුභවයේ යම් ඉහලතාවයක් පෙන්නුම් කෙරෙන බවත් එවැනි සෞඛ්‍යට අහිතකර ආහාර අනුභව කිරීමෙන් බෝ නොවන රෝග වල යම් වර්ධනයක් පෙන්නුම් කරන බව සෞඛ්‍ය විද්වතුන් මෙහිදී මෙහිදී පෙන්වා දෙන ලදී. ඒ පිළිබදව විශේෂ අවධානයක් යොමු කල අමාත්‍යවරයා නිළධාරීන්ට උපදෙස් දෙමින් කියා සිටියේ එහි අහිතකර ප්‍රතිඵල පිළිබදව ජනතාව දැනුවත් කිරීමට මෙන්ම එයින් ජනතාව මුදවා ගැනීම සදහා යම් ක්‍රමවත් වැඩපිලිවෙලක් කඩිනමින් සකස් කිරීමට පියවර ගන්නා ලෙසය.

බත් පිසින විට ලුණු එකතු කිරීම වැනි සෞඛ්‍යයට අහිතකර ක්‍රියා පිළිබදව ජනතාව දැනුවත් කිරීමටත්, දුම්කොළ හා මධ්‍යසාර භාවිතය, ශාරිරික ක්‍රියාශීලිභාවය මද බව, අහිතකර ආහාර රටාව, පිළිකා සදහා පුර්ව පරීක්ෂණ සිදු කිරීම, රුධිර ගත කොලොස්ටරෝල් ප්‍රමාණය, රුධිරගත සීනි මට්ටම වැනි බෝ නොවන රෝග වලින් ආරක්ෂා වීමේ ක්‍රමවේද පිළිබදව ජනතාව දැනුවත් කිරීමට සමාජ මාධ්‍ය ඇතුළුව අනෙකුත් සියලුම මාධ්‍යයන් එක්ව මනා සම්බන්ධීකරණයෙන් විශේෂ සෞඛ්‍ය අධ්‍යාපන වැඩසටහන් සකස් කරන ලෙසටද අමාත්‍යවරයා විසින් මෙහිදී නිලධාරීන්ට උපදෙස් දුන්නේය.

මෙරට සෞඛ්‍ය පද්ධතිය තුල ක්‍රියාත්මක වන සුව දිවි මධ්‍යස්ථාන (Healthily lifestyle centre) සංකල්පය තවත් විධිමත් පරිදි ක්‍රියාත්මක කර මෙරට සමස්ත ජනතාව බෝ නොවන රෝග වලින් ආරක්ෂා කර ගැනීමේ වැඩපිලිවෙල මෙන්ම ප්‍රාථමික සෞඛ්‍ය සේවාවත් තවත් විධිමත් පිරිදි ක්‍රියාත්මක කර මෙරට ජනතාව බෝ නොවන රෝග වලින් ආරක්ෂා කර ගැනීම කාලෝචිත ක්‍රියාවක් බව පෙන්වා දුන් අමාත්‍යවරයා එම වැඩසටහන් කඩිනමින් යාවත්කාලීන කිරීමට අවශ්‍යය උපදෙස් නිලධාරීන් හට ලබා දෙන ලදී.

බෝ නොවන රෝග පාලනය සදහා අවධානම් තත්ත්ව හදුනා ගෙන ඒවා වැලැක්වීම සදහා සෞඛ්‍ය මෙන්ම සෞඛ්‍ය නොවන අංශයන්හි සාමුහික ප්‍රයත්නයක අවශ්‍යතාවයද මෙහිදී මතු වු අතර හෘද රෝග, ආඝාතය, පිළිකා, මානසික රෝග වැනි බෝ නොවන රෝග පාලනයට හා වලක්වා ගැනීමට ක්‍රියාත්මක කල යුතු කෙටි කාලීන හා දිගු කාලීන සැලසුම් සකස් කිරීමත් ඊට අදාල සමාලෝචන සිදු කර ඒ පිළිබදව හැකි සෑමවිටම තමන් දැනුවත් කරන ලෙසට සෞඛ්‍ය අමාත්‍යවරයා මෙහිදී නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නේය.

පාසල් ආපනශාලා තුල මෙන්ම අනෙකුත් ආපන ශාලා තුළ සෞඛ්‍ය සම්පන්න ආහාර අලෙවි කිරීම සදහා ගතයුතු ඉදිරි ක්‍රියාමාර්ග පිළිබදවද මෙහිදී සාකච්ඡාවට ගැනුණු අතර පාසල් දරුවන් ශාරීරික ක්‍රියාකාරකම් වලට යොමු කිරීම පිළිබදවත්, මේ සදහා අධ්‍යාපන අමාත්‍යාංශය, ක්‍රීඩා අමාත්‍යාංශය මෙන්ම දායකත්වය දක්වන අනෙකුත් අමාත්‍යාංශ, ආයතන එක්ව කටයුතු කර ඊට අදාළ ක්‍රමවේද සකස් කිරීමටත් මෙහිදී යෝජනා විය.

මෙරට සිදු වන මරණ වලට ප්‍රධානතම හේතුවක් ලෙස බෝ නොවන රෝග හදුනා ගෙන ඇති අතර බෝ නොවන රෝග වලින් වාර්ෂිකව 120,000 ක් පමණ මරණයට පත්වන බවත් දුම්කොළ භාවිතය, සෞඛ්‍ය සම්පන්න නොවන මත්පැන් භාවිතය, තරබාරුකම, අධි රුධිර පීඩනය, අධික රුධිර සීනි මට්ටම සහ අධික කොලොස්ටරෝල් මට්ටම මෙම රෝග සදහා බලපාන ප්‍රධාන සාධකයක බවට මෙහිදී හෙලිවිය.

වැඩිහිටි ජනගහනය වැඩි වීමත් සමග බෝ නොවන රෝග වැලදීමේ අවධානම ඉහල යන බවද, ගෝලීයකරණය, නිදහස් වෙළදපොල ආර්ථිකය, සීග්‍ර නාගරීකරණය, දියුණු ප්‍රවාහන පහසුකම්, සංක්‍රමණික ජනගහනය වැනි පුළුල් පරාසයක දිවෙන නිර්ණායක හේතුවෙන් සෞඛ්‍ය සම්පන්න නොවන ජීවන රටාවන්ට අනුගතවීමද බෝ නොවන රෝග තත්ත්වය කෙරෙහි දැඩි ලෙස බලපා තිබෙන බව මෙහිදී අනාවරණය විය.

මෙම අවස්ථාවට සෞඛ්‍ය ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල, අතිරේක ලේකම් විශේෂඥ වෛද්‍ය සුනිල් ද අල්විස්, නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරුන් වන විශේෂඥ වෛද්‍ය චම්පිකා වික්‍රමසිංහ, විශේෂඥ වෛද්‍ය සුදත් ධර්මරත්න, විශේෂඥ වෛද්‍ය සූසි පෙරේරා, විශේෂඥ වෛද්‍ය එස්.ශ්‍රීධරන්, විශේෂඥ වෛද්‍ය සමින්දි සමරකෝන්, ලෝක සෞඛ්‍ය සංවිධානයේ මෙරට නේවාසික නියෝජිත ආචාර්ය අලාකා සිං යන මහත්ම මහත්මින්ද, බෝ නොවන රෝග සදහා ප්‍රතිකාර කිරීමට දායක වන විශේෂඥ වෛද්‍යවරුන්ගේ විද්‍යායතන වල නියෝජිතයින්, බෝ නොවන රෝග වැලැක්වීම සදහා සෞඛ්‍ය අමාත්‍යංශය සමඟ එක්ව කටයුතු කරන අනෙකුත් අමාත්‍යංශ වල නියෝජතයින්, රාජ්‍ය නොවන සංවිධාන වල නියෝජිතයින්, විශේෂඥ වෛද්‍යවරුන්, වෛද්‍යවරුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වූහ.

Post Views: 203
Previous Post

අස්වැසුම ප්‍රතිලාභී පවුල් සංඛ්‍යාව ලක්ෂ 24ක් දක්වා ඉහළ නංවනවා – ඇමැති ශෙහාන්

Next Post

සියලු හිඟ විශ්‍රාමික පාරිතෝෂිත ගෙවීමට මුදල් ලැබුණු බව අගමැති කියයි

editor ttvnews

editor ttvnews

Next Post
සියලු හිඟ විශ්‍රාමික පාරිතෝෂිත ගෙවීමට මුදල් ලැබුණු බව අගමැති කියයි

සියලු හිඟ විශ්‍රාමික පාරිතෝෂිත ගෙවීමට මුදල් ලැබුණු බව අගමැති කියයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved