• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

මාතලේ පොහොර සියයට සියක් බෙදා අවසන් බව දිසාපති කියයි

26 June 2022
in දේශීය

මෙවර යල කන්නයේ මාතලේ දිස්ත්‍රික්කයේ කාබනික පොහොර අවශ්‍යතාව සියයට සියයක්ම සම්පූර්ණ කොට ඇති බව මාතලේ දිස්ත්‍රික් පොහොර මෙහෙයුම් කමිටුවේ සභාපති මාතලේ මහ දිසාපති තේජානි තිලකරත්න මහත්මිය පැවසූවාය.

ඒ අනුව දිස්ත්‍රික්කයට අවශ්‍ය කාබනික දියර සහ ජෛව පොහොර අවශ්‍යතාව 100 % ක් සම්පූර්ණ කොට ඇති අතර එය ලීටර් 305527 ක් වශයෙන් ද කාබනික ගණ පොහොර අවශ්‍යතාව 100% ක් ලෙස සම්පූර්ණ කොට ඇති අතර එය මෙට්ට්‍රික් ටොන් 6879 බවත් දිස්ත්‍රික් ලේකම්වරිය පැවසූවාය.

මෙවර යල කන්නයේ දිස්ත්‍රික්කයේ වගා ඉලක්කය හෙක්ටයාර් 17458 ක් වන අතර ගොවීන්ගේ පොහොර අවශ්‍යතාව සම්පූර්ණ කොට ඇති බැවින් අපේක්ෂිත වගා ඉලක්ක සපුරාගත හැකි යැයි තමා විශ්වාස කරන බව ද ඒ මහත්මිය පැවසූවාය.

මෙවර යල කන්නයේ දිස්ත්‍රික්කයේ කාබනික පොහොර අවශ්‍යතාව සපුරා ගැනීමේ දී, දිස්ත්‍රික් පොහොර මෙහෙයුම් කමිටුවේ මෙහෙයවීම යටතේ ජාතික පොහොර ලේකම් කාර්යාලය , හරිත කෘෂිකර්ම ක්‍රියාන්විතය, සහ ගොවිජන සේවා දිස්ත්‍රික් කාර්යාලය සහ පොහොර සමාගම්වල ඉහළ දායකත්වයක් ලැබීම අගය කරන බව ද ඇය සදහන් කළාය.

මේ අනුව හදුන්ගමුව හුණුකැට ඇල, පල්ලේපොල, ගලේවෙල, කිඹිස්ස, ලග්ගල, දඹුල්ල, අළුගොල්ල, කෝන්ගහවෙල, වාසලකෝට්ටේ, දේවහුව, හත්තොට අමුණ, බණ්ඩාරපොල, රත්තොට, තැන්න, වේරගම, ඇල්කඩුව, යටවත්ත, උකුවෙල, වාලවෙල, පළාපත්වල, හෙට්ටිපොල, හදුන්ගෙමුව, යන ගොවි ජන සේවා මධ්‍යස්ථාන 23 ක් මගින් ගොවීන් වෙත පොහොර නිකුත් කිරීමට අවශ්‍ය කටයුතු සම්පාදනය කොට ඇති බව ජාතික පොහොර ලේකම් කාර්යාලයේ මාතලේ දිස්ත්‍රික් සහකාර අධ්‍යක්ෂ සරත් විජේකෝන් මහතා පැවසීය.

 

 

මාතලේ මහේෂ් කිර්තිරත්න

Post Views: 15
Previous Post

එළැඹෙන සතියේ පාසල් පැවැත්වෙන්නේ ආකාරය පිළීබඳ දැනුම් දීමක් – අධ්‍යාපන අමාත්‍යංශය

Next Post

ඉන්ධන නොමැති නිසා බස්නාහිර සහ නගර ආශ්‍රීත පාසල් නොපැවැත්වේ – අධ්‍යාපන අමාත්‍යංශය

editor

editor

Next Post

ඉන්ධන නොමැති නිසා බස්නාහිර සහ නගර ආශ්‍රීත පාසල් නොපැවැත්වේ - අධ්‍යාපන අමාත්‍යංශය

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved