27 April 2024
#දේශීය

මාතලේ කිතුල් කර්මාන්තය අගාධයට

වසර ගණනාවක සිට මාතලේ දිස්ත්‍රික්කයේ ගම්බද ප්‍රදේශවල දහස් සංඛ්‍යාත පිරිසකගේ ප්‍රධාන ආදායම් මාර්ගයක් බවට පත්ව තිබූ කිතුල් කර්මාන්තයට අද වන විට දිනෙන් දින කඩා වැටටෙමින් පවතින බව කිතුල් කර්මාන්තයෙහි නිරත වුවෝ පවසයි.

මාතලේ දිස්ත්‍රික්කයේ ලග්ගල පල්ලේගම,උකුවෙල රත්තොට.යටවත්ත,පල්ලේපාල,මාතලේ යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයන්ට අයත් ගම්මාන රැසක බහුලව සිදුකෙරුණු කිතුල් කර්මාන්තය අද වන විට දැඩි පිරිහීමකට ලක්වෙමින් තිබේ.
මෙම කිතුල් කර්මාන්තය ආශ්‍රිතව කිතුල් පැණි.හකුරු.කිතුල් පිටි,හා රා නිෂ්පාදනයද සිදු කළත් වර්තමානයේදි එය බිද වැටිමට ලක්ව ඇත.

මෙම කර්මාන්තය කඩා වැටිමට හේතුව ලෙස විවිධ නීතින් හරස්වීම, රාජ්‍ය අනුග්‍රහය නොලැබීම, කිතුල් පිටි ගැනීම සඳහා පීදුණු කිතුල් ගස් කපා දැමීම, වත්මන් පරපුර වෙනත් රැකියාවන්ට යොමුවීම, ආදේශක රස කැවිලි වෙළෙඳ පොළ ආක්‍රමණය කිරීම, මෙන්ම ඉවක් බවක් නැතිව සිදුවන පරිසර විනාශයද මෙම කර්මාන්තය පිරිහීමට හේතු වූ කාරණා බව මෙම ගම්මානවල දැනට ඉතිරි වී සිටින අතළොස්සක් වූ කිතුල් මල් කපන්නෝ පවසති.

මාතලේ නගරයේ කිතුල් පැණි සහ හකුරු මේ වන විටත් ඉතා ඉහළ මිලක් යටතේ අලෙවි වේ.

මේ පිළිබවදව ප්‍රාදේශිය ලේකම් කාර්යාවල සිටින මෙම විෂය ක්ෂ්ත්‍රයට සම්බන්ධ නිලධාරින් කිහිපදෙනෙකුගෙන් විමසිමේදි කියා සිටියේ මෙම කර්මාන්තය රැක ගැනිම සදහා රජය විසින් විවිධ වැඩසටන් රැසක් ක්‍රියාත්මක ඇති බවත් මෙම කර්මාන්තයේ නිරත පිරිස් දිනෙන් දින ඇත් විම මෙම වැඩසටන්වලට බාධාවක් වි ඇති බවද පවැසිය.

 

මාතලේ මහේෂ් කිර්තිරත්න

Leave a comment

Your email address will not be published. Required fields are marked *