27 April 2024
#විශේෂාංග

මාතලෙන් රටා වියපු තෝමියන් පැදුර සංගීත සන්ධ්‍යාව 29 වනදා අපේගමදී

මාතලේ ශාන්ත තෝමස් විද්‍යාලයීය ආදි ශිෂ්‍ය සංගමයේ – කොළඹ ශාඛාව මඟින් සංවිධානය කරනු ලබන “මාතලෙන් රටා වියපු තෝමියන් පැදුර”, රසවින්දනාත්මක සංගීත සන්ධ්‍යාව මේ මස 29 වන සෙනසුරාදා දින රාත්‍රී 7.00 සිට බත්තරමුල්ල අපේ ගම පරිශ්‍රයේදී පැවැත්වේ.

විද්‍යාලයේ 150 වන සංවත්සරයට සමගාමීව කොළඹ ආදි ශිෂ්‍ය සංගමයේන් ඉදිරිපත් කෙරෙන මෙම සංගීත සන්ධ්‍යාව මාතලේ ශාන්ත තෝමස් විද්‍යාලයෙන් බිහිවූ ගායන ශිල්පින් මෙන්ම ආරාධිත ශිල්පීන්ගේද සහභාගීත්වයෙන් පැවැත්වීමට නියමිතයි.

හෘදයාංගම සංගීතමය වින්දනයෙන් රසවත් වෙමින් ආදී සහෘදත්වයන් යාවත්කාලීන කරගැනීමට මාතලේ ශාන්ත තෝමස් විද්‍යාලයීය ආදි ශිෂ්‍යයන්ට, ඔවුන්ගේ පවුලේ සාමාජිකයන්ට, මාතලේ සහෝදර පාසල් ආදි ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට මෙන්ම සංගීතයට ලැදි ඕනෑම අයෙක්ට එදිනට සහභාගී වන ලෙස සංවිධායක මණ්ඩලය ආරාධනා කර සිටී.

මේ පිළිබඳ වැඩිදුර විස්තර සඳහා සුමිත් හල්විටිගේ (077 710 1254), චරිත සේනානායක (077 733 2588), ලලිත් කරුණාදාස (0773087787), ජිනෙත් පාඩිගමගේ (077 333 3450) අමතන්න.

මාතලේ මහේෂ් කිර්තිරත්න

 

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *