27 April 2024
#සංවර්ධන

අය-වැයෙන් වැඩ ලක්ෂයක් වැඩසටහනෙන් පල්ලේපොල ව්‍යාපෘති රැසක් ආරම්භ කරයි

අය-වැයෙන් වැඩ ලක්ෂයක් වැඩසටහන යටතේ පල්ලේපොල කොට්ඨාසයේ ව්‍යාපෘති රැසක් ආරම්භ කොට සාර්ථකව ක්‍රියාවට නන්වමින් තිබෙන බව පල්ලේපොල ප්‍රාදේශීය සභාවේ සභාපති ජගත් වසන්ත දිනායක මහතා පවසයි.

ග්‍රාමිය මාර්ග ඉදි කිරීම, ක්‍රීඩා පිටි සංවර්ධනය කිරීම. කෘෂි මාර්ග ඉදි කිරීම, කුඩා පරිමාණ පාලම් ඉදි කිරීම , ආදාහනාගාර සංවර්ධනය ඇතුලු වැඩසටහනක් රැසක් ඒ අතර පවතින අතර පසුගිය නිදහස් දිනයට සමගාමීව පල්ලේපොල උතුර, දකුණ, කොස්වත්ත, එකමුතුගම, මොණරවිල ග්‍රාම සේවා වසම් තුළ සංවර්ධන ව්‍යාපෘති ආරම්භ කිරීම කොට තිබේ.

මීට අමතරව පල්ලේපොල ප්‍රාදේශිය සභා මන්ත්‍රී ක්‍රිශාන්ත ජයසිංහ මහතාගේ ඉල්ලීමකට අනුව ග්‍රාමීය යටිතල පහසුම් සංවර්ධන රාජ්‍ය අමාත්‍යංශයේ ප්‍රතිපාදන යටතේ රුපියල් ලක්ෂ 10 ක විදමින් අම්බොක්ක රංකිරිවෙල මාර්ගය ඇතුළු ග්‍රාමීය මාර්ග කිහිපයක් කොන්ක්‍රීට් අතුරා සංවර්ධනය කර ඇති බවත් ප්‍රාදේශීය සභා පොදු අරමුදලෙන් ඉදිකළ ජේ්‍යෂ්ඨ පුරවැසි කියවීම ශාලාව හා අලුතින් සංවර්ධනය කරන ලද වීර මද්දුම බණ්ඩාර ආදර්ශ පෙර පාසල රාජ්‍ය සේවා පළාත් සභා හා පළාත් පාළන අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන් සහ පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහත්වරුන්ගේ ප්‍රධානත්වයේ විවෘත කළ බව ද සභාපතිවරයා පැවසීය.

 

 

මාතලේ මහේෂ් කිර්තිරත්න

Leave a comment

Your email address will not be published. Required fields are marked *