27 April 2024
#දේශීය

ශ්‍රී ලංකාවේ ජපන් තානාපති හා අධ්‍යාපන ඇමැති අතර හමුවක්

ශ්‍රී ලංකාවේ ජපන් තානාපති මිසුකොෂී හිදාකි (Mizukoshi Hideaki) මහතා හා අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේ‍රමජයන්ත මහතා අතර හමුවක් අද (24) දින අධ්‍යාපන අමාත්‍යාංශයේ දී සිදුවිය.

එහිදී ජපානය හා ශ්‍රි ලංකාව අතර ඇති අන්තර් ජාතික සබඳතා සහ අප රටේ වත්මන් අධ්‍යාපන ක්ෂේත‍්‍රය සම්බන්දයෙන් ද අධ්‍යාපන ක්ෂේත‍්‍රයේ ඉදිරියට ක‍්‍රියාත්මක කිරීමට නියමිත වැඩපිළිිවෙල පිලිබඳව ද මෙහිදි සාකච්ඡාට බඳුන් විය. ශ්‍රී ලංකාවේ අධ්‍යාපන ලබන දරුවන් ජපන් භාෂාව විෂයක් ලෙස හැදෑරීමේ වැදගත් කම පිලිබඳව ද වැඩිදුරටත් මෙහිදී සාකච්ඡා කෙරෙනි.

අධ්‍යාපන ක්ෂේත‍්‍රයේ උන්නතිය වෙනුවෙන් ඕනෑම අවශ්‍ය අවස්ථාවක දී තම සහයෝගය ලබාදෙන බව ද ජපන් තානාපති මෙහිදී පවසා සිටි බව අධ්‍යාපන අමාත්‍යංශය පැවසිය.

Leave a comment

Your email address will not be published. Required fields are marked *