• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

පලාත් සභාව අහෝකිරීමේ කථාව ගැලරියට බව මන්ත්‍රීනී රෝහිණි කියයි

7 September 2020
in දේශීය

ආණ්ඩුකාරවරු, මහ ඇමතිවරු පිරිච්ච පාර්ලිමේන්තුවකින් පළාත් සභා අහෝසි කරන්නට යාම පළාත් සභා ඇමතිගේ ගැලරි කථාවක් බව මාතලේ දිස්ත්‍රික් සමගි ජන බලවේගයේ පාර්ලිමෙන්තු මන්ත්‍රිනි රෝහිණි කවිරත්න මහත්මිය පැවසුවාය.

ඇය මේ බව සදහන් කළේ ඊයේ (06) පස්වරුවේ උකුවෙල ප්‍රදේශ කිහිපය පැවති පිළිගැනිම් උත්සවවලට සහභාගි වෙමිනි.

එහිදී අය වැඩිදුරටත් මෙසේ අදහස් පල කළේය ” ‍පාර්ලිමේන්තුවේ අල්ලපු පුටුවේ ඉන්න මහ ඇමතිවරු, ආණ්ඩුකාරවරුගෙන් පළාත් සභා අහෝසි කරන්න ඡන්දේ දෙනවා දැයි අහනවා,පළාත් සභා වෙනුවෙන් හැමදාම පෙනී හිටපු ආණ්ඩුකාරවරු තුන් දෙනෙක්, මහ ඇමතිවරු 11 ක් ඉන්න පාර්ලිමේන්තුවකින් පළාත් සභා අහෝසි කරන්න ඇමතිවරයා යෝජනා කරන්නේ ගැලරිය පිනවන්න ශාන් විජයලාල් ද සිල්වා, යාපනයේ වාසුදේව ඇමතිතුමාගේ මස්සිනා විග්නේෂ්වරන්, අපෙන් ඡන්දය ඉල්ලලා දැන් දෑත් ශක්තිමත් කරන්න බලාගෙන ඉන්න නැගෙනහිර හිටපු මහ ඇමති නසීර් අහමඩ්, පිල්ලෙයාන්, ගුරුවරු දණගහපු චාමර සම්පත් දසනායක, ශෂින්ද්‍ර රාජපක්ෂ, මහින්ද යාපා අබේවර්ධන, ප්‍රසන්න රණතුංග, රාජ්‍ය ඇමතිකමත් ගත්ත සුසිල් ප්‍රේමජයන්ත, බතික් ඇමති දයාසිරි ජයසේකර, විතරක් නෙවෙයි හරීන් ප්‍රනාන්දු කියන හිටපු මහ ඇමතිවරු ඔක්කොටම මේ පාර්ලිමේන්තුවේ ඉන්නවා. මේ අය තමන් හිටපු පලාත් සභාව අහෝසි කරන්නට පළාත් සභා ඇමතිගේ යෝජනාවට පාර්ලිමේන්තුවේ නම්, ඉඩ දෙන්නේ නෑ කියලා මට නම් විශ්වාසයි ද කවිරත්න මහත්මිය පැවසුවා ය.
ඒ විතරක් නෙවෙයි, පළාත් සභා අහෝසි කරලා ඉන්දියාව තරහා කරන්න එපා කියලා තිස්ස විතාරණ, සුරේන් රාඝවන්, ශාල් විජයලාල් ද සිල්වා වගේ යමක් කමක් තේරෙන ආණ්ඩුකාරවරුවත් මේ ඇමතිතුමාට කියලා දෙන්න ඕනි. අද පාර්ලිමේන්තුවේ හිටියාට මේ සියළු දෙනා හැමදාම පළාත් සභා ක්‍රමය වෙනුවෙන් පෙනී දැන උගත් ගෞරවනීය පුද්ගලයෝ. ඔවුන් නිසා පළාත් සභාව බැබලුණා. ඒ නිසා කවදාවත් ඔවුන් පළාත් සභාව අහෝසි කරන්න ඡන්දය දෙන්නේ නෑ.
පාර්ලිමේන්තුවට පස්ස දොරෙන් ආව කවුරුහරි ඡන්දය දුන්නොත් හැර පළාත් සබා ගැන සැබෑ කැක්කුමක් තිබුණ පළාත් සභාවෙන් ආපු කිසිම කෙනෙක්, පළාත් සභා අහෝසි කරනවා ට කැමති විය නොහැකි යැයි ද, කවිරත්න මහත්මිය පැවසුවාය.
ලාබාල දුමින්ද දිසානායක පාර්ලිමේන්තු ආවේ, කනක හේරත්, සේමසිංහ ලා ගේ තාත්තලා පළාත් සභාවේ හිටපු නිසයි ඔවුන් පාර්ලිමේන්තුවට ආවේ. මේවා ගැන මොකොවත් දන්නේ නැති, වියත්මගේ උදවිය බලාගෙන ඉන්නවා සරත් වීරසේකර ටාසන් වගේ පැනලා පළාත් සභා අහෝසි කරයි කියලා. සබරගමුව පළාත් සභාවේ සභාපති කාංචන ජයරත්න මහ ඇමති කරන්න බලාගෙන ඉන්න, පවිත්‍රා වන්නිආරච්චි ඇමතිතුමියගේ ගේ ඡන්දය නම් පළාත් සභා අහෝසි කරන්න ගන්න බැරි බව නම් මට විශ්වාසයි.ආණ්ඩුපක්ෂයේ බොහෝ දෙනා ඉන්නේ සිහින රාජ්‍යවල. ඔවුන්ගේ ඔළුව උඩට ලඟදීම දවසක පළාත් සභා අහෝසි කිරීම වගේ සිහින කඩා වැටෙනවා‘‘ යැයි ද කවිරත්න මහත්මිය වැඩිදුරටත් පැවසුවාය.

 

 

මාතලේ  – මහේෂ් කිර්තිරත්න

Post Views: 5
Previous Post

කොළඹ පවතින රථවාහන තදබදයට විසදුම් ලබා දීමට කටයුතු කරනවා – රාජ්‍ය ඇමැති ලාන්සා

Next Post

කිතුල් ගසක් වැටී දියනාමින් සිටි කාන්තාවක් මියයයි

editor

editor

Next Post

කිතුල් ගසක් වැටී දියනාමින් සිටි කාන්තාවක් මියයයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved