• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

ගවේෂණ නොකරන අයගේ බලපත්‍ර අහෝසිකරන බව ඇමැති අමරවීර පවසයි

21 December 2020
in දේශීය

ඛනිජ සම්පත් ගවේශණ බලපත්‍ර ලබා ගෙන ඒවා ගවේෂණය නොකරන පුද්ගලයින්ට දී ඇති බලපත් වහාම අහෝසි කරන්නැයි පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.

බලපත් නිකුත් කළ ද අදාල පුද්ගලයින් විසින් එම ඛනිජ සම්පත් ගවේෂණයට කිසිදු පියවරක් නොගනිමින් සිටින අතර දැනට ඔවුන් බලපත් ලබා ගෙන ඇති නිසා ඒවා වෙනත් අයෙකුට පැවරීමට නොහැකි වී ඇතැයි එම කාර්යාංශයේ නිලධාරින් පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා හට දැනුමත් මුල් කරගෙන මෙම පියවර ගෙන ඇත.

අප රටේ ඉහළ වටිනාකමක් සහිත ඛනිජ සම්පත් වන ග්‍රැෆයිට්, ඉල්මනයිට්, රූටයිල්, සර්කෝන් හා ගානට් වැනි ඛනිජ සම්පත් ගවේශණයට විවිධ පුද්ගලයින් වෙත භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය විසින් බලපත් නිකුත් කර තිබේ.

මෙම බලපත් ලබා ගත් පුද්ගලයින් විසින් ඒවා විදේශ සමාගම් වලට හා පුද්ගලයින්ට රුපියල් කෝටි ගණනට අලෙවි කිරීමට සුදානම් වීමේ ජාවාරමක් ඇතැයි ද කී අමාත්‍යවරයා ඇතැම් පුද්ගලයින් විවිධ රටවලට ගොස් ව්‍යාපාරිකයින් සමග මේ සම්බන්ධව ගනුදෙනු කරන බවට තොරතුරු ඇතැයි ද කීය.

එමනිසා අඩු මිලකට මිල දී ගෙන ඇති එම බලපත් විධිමත් පරිදි ඛනිජ සම්පත් ගවේෂණයට පියවර නොගන්නේ නම් වහාම ඒවා තහනම් කර වෙනත් පුද්ගලයින්ට එම බලපත් පවරන ලෙස අමාත්‍යවරයා උපදෙස් දුන්නේය.

මේ වනවිට ග්‍රැෆයිට්, සර්කොන්, රූටයිල්, ඉල්මනයිට් හා ගානට් වැනි ආර්ථිකමය වශයෙන් ඉතා වැදගත් ඛනිජ සම්පත් ගවේශණයට බලපත් ලබා දී ඇත්තේ වර්ග කිලෝමීටරයක් රුපියල් 5000කටත් අඩු මුදලකට බවත්, මෙම බලපත් ලබා ගත් පුද්ගලයින් ඒවා රුපියල් කෝටි ගණනකට වෙනත් අයට අලෙවි කරන බවත් පෙන්වා දුන් අමාත්‍යවරයා බලපත් ගාස්තුව වැඩි කිරීම මගින් රජයට ලැබිය හැකි ආදායම ඉහළ නැංවීමට පියවර ගන්නා ලෙසත් වැඩිදුරටත් උපදෙස් දුන්නේය.

Post Views: 14
Previous Post

ස නෙමෙයි, මතවාදයයි ෆේල්’ – මංගල කියයි.

Next Post

බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළ සම්බන්ධයෙන් හදිසි නිරීක්ෂණයක්

editor

editor

Next Post

බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළ සම්බන්ධයෙන් හදිසි නිරීක්ෂණයක්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved