27 April 2024
#දේශීය

ස නෙමෙයි, මතවාදයයි ෆේල්’ – මංගල කියයි.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ වසරක පාලන කාලයෙන් පසු ‘ස ෆේල්’ යයි ඇතැමුන් ප්‍රකාශ කලත්, සිදුව ඇත්තේ ඔහුව බලයට ගෙන ආ මතවාදයේ ෆේල් වීමක් බව හිටපු අමාත්‍ය මංගල සමරවීර මහතා පවසයි.

ඒ මහතා මේ බව පැවසුවේ ඊයේ (20 ) මාතර පැවති ‘මාතර හමුවට’ එක්වෙමිනි.

රටේ බහුතර ජනතාවට තනි සිංහල – බෞද්ධ ආණ්ඩුවක් හදාගන්න උවමනාවක් තිබු බවත් ඒ වෙනුවෙන් ඉහලම ජයග්‍රහණයක් ලබාදුන් බව හෙතෙම පැවසිය.

එත් එම මතවාදීමය දැක්මේ ආසාර්ථක භාවය වසරක් තුලදී සද්සුදක්සේ ඔප්පුවෙලා තිබෙන බව සමරවීර මහතා පැවසිය.

රට යළි ගොඩනැගීමට විකල්ප මතවාදයක අවශතාවය ඔහු මෙහිදී අවධාරණය කර සිටියේය.

සමරවීර මහතා කියා සිටියේ දෙවන ලෝක යුද්ධයෙන් පසු බටහිර රටවල් යලි ගොඩනැගීම සඳහා ‘ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදය’ ක් හඳුන්වාදුන් නමුත් අපට එම මතවාදය අලුත් දෙයක් නොවන බවත් වසර 2500ක් ඉතිහාසයක් ඇති බෞද්ධ දර්ශනයේ හරය ඊටත් වඩා මානුෂික බවයි.

බෞද්ධයන් හැටියට අපි සෑම විටම කියන සියළු සත්වයෝ නිදුක්වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා යන සිතුවිල්ල වටා නූතනවාදී දේශපාලන ගමනකට එක්වන ලෙස මංගල සමරවීර මහතා වැඩිදුරටත් කියා සිටියේය.

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *