• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

බැඩ්මින්ටන් ක්‍රීඩකයින්ගේ ගැටළුවට ඇමති මැදිහත් වෙයි

1 October 2018
in ක්‍රීඩා

ජාතික තේරීම් කමිටුව විසින් වයස 17 න් පහළ බැඩ්මින්ටන් කණ්ඩායම සදහා ලබා දෙන ලද නිර්දේශ ක්‍රියාත්මක කිරීමට බැඩ්මින්ටන් සම්මේලනය කටයුතු කළ යුතු බවට පළාත් සභා, පළාත් පාලන සහ ක්‍රීඩා අමාත්‍ය ෆයිසර් මුස්තාපා මහතා විසින් 2018.09.15 දින දැනුම්දුන් අතර ඒ අනුව ඔවුන් ක්‍රියා කරමින් වයස 17 න් පහළ හා 15 න් පහළ කණ්ෂ්ඨ බැඩ්මින්ටන් ශූරතා තරඟාවලිය සදහා ක්‍රීඩකයින් නම් කිරීම සිදු කරන ලදි.

එහිදී 17 න් පහල ප්‍රශ්ණගත ක්‍රීඩකයා තරඟාවලිය සදහා සහභාගී කරවීම සදහා කොන්දේසි ජාතික තේරීම් කමිටුව නිර්දේශ කල අතර, ඒ යටතේ ශාරීරික යෝග්‍යතාවය ක්‍රීඩා අමාත්‍යාංශයේ වෛද්‍යවරයෙක් විසින් නිර්දේශ කරන්නේනම් පමණක් සහභාගී වීමට අවසර ලබා දී ඇත.

නමුත් අමාත්‍යවරයා සමග පැවති සාකච්ඡාවේදී බැඩ්මිටන් සංගමයේ සභාපතිවරයා ලිඛිත ප්‍රකාශයක් කරමින් දන්වා සිටියේ අදාල ප්‍රශ්ණගත ක්‍රීඩකයා ජාතික තේරීම් කමිටුවේ නිර්දේශ අනුව ක්‍රීඩා අමාත්‍යාංශයේ වෛද්‍යවරයාගෙන් ලබා ගත යුතු ශාරීරික යෝග්‍යතාවය ඔහු ලබාගෙන නොමැති බවත්, 2018.09.18 වන දින අදාල ප්‍රශ්ණගත ක්‍රීඩකයාගේ පියාට ඊමේල් පණිවිඩයක් යවමින් ජාතික බැඩිමින්ටන් සංගමයේ සභාපතිවරයා ක්‍රීඩකයාගේ විදේශ ගමන් බලපත්‍රය සහ ඊට අදාල ඡායාරූප බැඩ්මින්ටන් සංගමයට බාර දෙන ලෙස දන්වා තිබියදීත් ඔහු මෙතෙක් ඒ කිසිදු කරුණක් ඉටුකර නොමැති බව සහතික කරන ලදි. ඒ අනුව වයස 17 න් පහළ සමස්ථ බැඩිමින්ටන් කන්ඩායමම ආසියානු බැඩ්මින්ටන් ශූරතාවලිය සදහා සහභාගී කරවීම නතර කිරීමට මොවුන් කටයුතු කරන බව මව්පියන් හා බැඩ්මින්ටන් සංගමයේ එකම අදහස විය.

එබැවින් ජාතික තේරීම් කමිටුවේ නිර්දේශවලට අනුකූලව කටයුතු නොකිරීම හා ඔහු එම ශූරතා තරගාවලිය සදහා සහභාගී වීමට කිසිදු උනන්දුවක් නොගෙන ඇති බව වීසා ලබා ගැනීමට කළ ඉල්ලීම ප්‍රතික්ෂේප කිරිමේන් පැහැදිලි වූ බැවින්, පළාත් සභා, පළාත් පාලන හා ක්‍රීඩා අමාත්‍යතුමා ශ්‍රී ලංකාවේ ක්‍රීඩාව වෙනුවෙන් සහ මෙම තරගාවලිය බැඩ්මින්ටන් ක්‍රීඩකයින් සහභාගී නොවීම නිසා ඇතිවන ජාත්‍යන්තර බැඩ්මින්ටන් කමිටුව දඩුවම් පැමිණවීම ඇති හැකියාව පිළිබදව සමාලෝචනය කර සියළුම ක්‍රීඩකයින්ට තරගාවලිය සදහා සහභාගී වීමට අවශ්‍ය අනුමැතිය ලබා දෙන ලදි.

 

Post Views: 10
Previous Post

පොහොට්ටුවේ හොඳ සෙල්ලම් ගැන ඇමැති සජිත් කියයි

Next Post

අනුන්ගේ පරණ පව් ගෙවන්නේ අපියි – අගමැති  

editor

editor

Next Post

අනුන්ගේ පරණ පව් ගෙවන්නේ අපියි - අගමැති  

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved